සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ මුල් වරට සම්ප්‍රදාය බිඳ දමා තංගල්ල අධිකරණයෙන් ලබා දුන් මරණීය දණ්ඩනය…

by editor
නොවැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඬුවම අනුමත  කළ අයත් නිදහස් වෙලා යනවා… විනිසුරු සරත් අඹේපිටිය ඝාතකයන්ටවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත කළ මරණ දණ්ඩනය ලැබුණෙ නෑ… ඒ නිසා මරණ දණ්ඩනය ප්‍රකාශ කිරීමේ දී කළ යුතු සම්ප්‍රදාය අවශ්‍ය නෑ… මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්.සපුවිද

නඩු විභාගයකින් අනතුරුව චුදිතයෙකුට එරෙහිව මහාධිකරණයකදී මරණීය දණ්ඩනයක් නියම කිරීමේ දී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා අදාල තීන්දුවට අත්සන් කරන ලද පෑන කඩා දැමිම වැනි ක්‍රියාවන් කිසිවක්  තමා   විවෘත අධිකරණයේදි සිදු නොකරන බවත් මෙම දඬුවමද සාමාන්‍ය නඩු තීන්දුවක ස්වරූපයෙන්ම ලබා දීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි පැවසීය.

තංගල්ල පූර්වාගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්.සපුවිද  මේ බව පැවසුවේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදි කරුවෙකු වු පුද්ගලයෙකුට තංගල්ල මහාධිකරණයේදි මරණීය දණ්ඩනය ලබාදීමට පෙරාතුව විවෘත අධිකරණය අමතමිණි.

විවෘත අධිකරණයේදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

“ මහාධිකරණයකදී චුදිතයෙකුට එරෙහිව මරණීය දණ්ඩනයක් නියම කිරීමේදී විවෘත අධිකරණයේ විදුලි පහන් නිවා දැමීම, විදුලි පංකා නිවා දැමීම, විනිශ්චය ආසනයෙන් නැගී සිටීම හා අදාල තීන්දුව අත්සන් කරන ලද පෑන කඩා දැමීම සිදු කරන නමුත් අද දිනයේ මා එම සම්ප්‍රදායික ක්‍රියා කිසිවක් විවෘත අධිකරණයේදී සිදු නොකරමි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එයට හේතුව වන්නේ ගරු  මහාධිකරණ විනිසුරු වරයෙකු වු සරත් අඹේපිටිය මහතා ඝාතනය කර ඒ සඳහා මිනී මැරීමේ චෝදනාවට වරදකරු වු චූදිතයින්ට   මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  මරණීය දණ්ඩනය ස්ථිර කිරීමෙන් පසුව අද වන තෙක් මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවීමය.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන්   මරණීය දණ්ඩනය ස්ථිර කර තිබුණු සමහර    අවස්ථාවල දී     ඇතැම්   චුදිතයින් පවතිනා නිති රාමුව තුළ විශේෂ සමාවන් සහිතව නිදහස් වී යෑමය.

මේ තත්වය තුළ මරණීය දණ්ඩනයක් මේ ආකාරයෙන් සාමාන්‍ය පුද්ගලයෙකු සම්බන්ධයෙන් නියම කිරීමේ දී    පෙර කී සම්ප්‍රදායන් ගේ  අදාළතාවයක්, ප්‍රායෝගිකතාවයක් නොමැතිය.

ඒ අනුව මා විනිශ්චය ආසනයේ නියමිත සෙසු නඩුවල තින්දු ප්‍රකාශ කරන ආකාරයෙන් හිඳ මරණීය දණ්ඩනයේ නියමය චුදිතට කියවා දී මරණ දණ්ඩනය නියම කරමි.“

මහාධිකරණ විනිසුරු වරයා වැඩි දුරටත් පැවසීය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වුයේ වලස්මුල්ල පදිංචි රාජපක්ෂලාගේ ලාල් රංජන් නැමති විවාහක පුද්ගලයෙකුටය. චුදිත 2006.10.16 දින හෝ ඊට ආසන්න දිනකදී වලස්මුල්ල හොරේවලදී  සුබසිංහ කට්ටාඩිගේ සයින්දරා නැමැත්තියගේ මරණය සිදුකිරීමේ චෝදනාවට වැරදි කරු බවට පත් වීමෙන් පසු මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණි.

නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගයාන් එල්.පෙරේරා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වස්ගමුවේ කැලේ කඳවුරු බැඳන් නිධන් හෑරුවේ හමුදාවට සම්බන්ධ පිරිසක් ද?. වනජීවී අංශ සොයයි…

Next Post

2020ට හෙයිජින් පාඩුව කෝටි 1403යි…. විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.