සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතා පැහැදිලිව නිල වශයෙන් ඉවත්වීම ගැන දැන්නුවා… එහෙම තියෙද්දියි නින්දිත ප්‍රහාරය එල්ල කළේ…

පොලිසිය කිසිම අවස්ථාවක යන්න කිව්වෙ නෑ... යන්නෙ කවද්ද කියලයි ඇහුවේ....

by editor
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති  ලේකම් කාර්යාලයෙන් ඉවත් ඉවත්වන ලෙස කිසිම අවස්ථාවක පොලිසිය තමන්ට නොදැන්වූ බව ඉතා වගකීමකින් ප්‍රකාශ කරන බවත්, ඔවුන් විමසා සිටියේ එම භූමියෙන් ඉවත්වන දිනය ගැන පමණක් බවත් අරගල කරුවෝ අද මාධ්‍යයට ප්‍රකාශ කළහ.

ඔවුන් එසේ ප්‍රකාශ කළේ අද මාධ්‍ය හමුවක් පවත්වමින් සහ ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කළ ආකාරයට සාමකාමීව ඉවත්වන ලෙස අවස්ථා දෙකක දී දන්වා සිටි විට  විරෝධතාකරුවන්  ආවේගයෙන් හැසිරුණු බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

පොලිසිය ඊයේ (22) ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පසුගිය 14 වැනිදා කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, 2022.07.18 දින කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්  කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර සහකාර පොලිස් අධිකාරීවරයාත්, කොටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාත් මෙම විරෝධතා කරුවන් හමුවී අවස්ථා දෙකකදීම සාමකාමීව ඉවත්වන ලෙස එම ඉල්ලීම් කර තිබුණු  බවය.

එම අවස්ථාවල ආවේගශීලීව හැසිරෙමින් ඉවත්වන දින වකවානු ඔවුන් විසින් නියම කළ බව  පොලිසිය කීවේය.

එහෙත් අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අරගලකරුවන් ප්‍රකාශ කළේ තමන් ස්වේච්ඡාවෙන් ඉවත්වන බව ඉතා පැහැදිලිව පොලිසියට සහ වගකිවයුතු අංශවලට දන්වා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල වූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද ගෝඨාගෝගම අරගලකරුවන් වෙනුවෙන් නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය වෙත පැවසුවේ මෙවැන්නකි.

“පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිසිය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින්    අවස්ථා ගණනකදි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙන්න කියලා අපෙන්  ඉල්ලීම් කළා කියනවා.  අපි ඉතා වගකීමකින් කියනවා…  එක් අවස්ථාවකදිවත් පොලිසිය ඒ වගේ  ඉල්ලීම් කළේ නෑ බැහැරව යන්න කියලා.“

“පැමිණි දෙතුන් වතාවම අපෙන් ඇහුවෙ කවද්ද යන්නෙ කියලා. ඔව්… 18 වැනිදා මේ කියන ස්ථානයට  එස්.එස්.පී.,  ඒ.එස්.පී සහ කොටුව වැඩ බලන ඕ.අයි.සී ආවා. “

“ඒ වග දැනගෙන  නීතිඥයෙක් ලෙස මම   දුරකථනයෙන් වැඩ බලන කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කතා කළා. ඒ වෙලාවෙ කොටුව ස්ථානාධිපතිවරයා  කිව්වා ඔව්   ඒඑස්පී මහත්තයත් එස්එස්පී මහත්තයත් එක්ක අපි ඇවිත් ගියා කියලා.“

“ටිකකින් ඕයි.සී. ගෙ දැනුවත්කිරීම නිසා  ඒඑස්පී මහත්තයා  මට කතා කරලා කිව්වා අපියි ඇවිත් ගියෙ.  කවද්ද යන්නෙ කියලයි ඇහුවෙ කියලා. “

මම කිව්වා, 20. ඡන්දය තියනවා. 20 හවසට අපි කියන්නම් කවද්ද යන්න කියලා. දවස් දෙකක් ඉඳීම සම්බන්ධව ප්‍රශ්නයක් තියනව ද කියලා. “

“ඔහු කිව්වා නෑ… ප්‍රශ්නයක් නෑ. ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන්නම් කියලා.“

“ඊට පස්සේ 20 තත්ත්වය වෙනස් උනා. අපි කිව්වා අපට දවස් කීපයක් අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධ අරගලය හැටියට තීරණයක් ගන්න කියලා. ඊට පස්සේ  අපි සාකච්ඡා කරලා 22  දවල් දෙකට ඒ ලේකම් කාර්යාල පරිශ්‍රයෙන්  සහ ප්‍රධාන ගේට්ටුව අසලින් ඉවත් වනවාය කියන පණිවිඩය නිල වශයෙන් කොටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන්නා. නීතිඥ නුවන් බෝපගේ තමයි ඒ ගැන දුරකථනයෙන් දැනුම් දුන්නේ.    මේ කියන්නෙ වගකීමකින්.“

“ඊට අමතරව අපි මේ රජයට සම්බන්ධ, ජනාධිපතිවරයාට සම්බන්ධ පොලිස්පතිවරයාට සම්බන්ධ විවිධ පුද්ගලයින් හරහා   පණිවිඩයක් යැව්වා 22 දවල් දෙකට අපි මෙතනින් ඉවත් වෙනවා කියලා. “

“ඒ සියල්ල උනේ නෑ කියන්න. ඒත් 21 රෑ ජනමාධ්‍යයේ පැහැදිලිවම ප්‍රකාශ වුනා අරගලකරුවෝ  පරිශ්‍රවලින් හෙට දවල් ඉවත් වෙන්න තීරණය කළා කියලා.“

“අරගලයට සම්බන්ධ වට්ස්ඇප් ගෘප් එකක් හැදුවා කියලා පිළියන්දල මනුස්සයෙක් කොළඹට ගෙන්නුවා. ඒ තරම් උනන්දුවෙන් වට්ස්ඇප් ගෘප් මොනිටර් කරන පොලිසිය,  රාජ්‍ය බුද්ධි අංශය,  සමාජ මධ්‍ය හැම තැනම කියැවුන ප්‍රවෘත්තිය   දැනගෙන හිටියෙ නැද්ද. … දැනගෙන හිටියා. “

“එහෙම දැනගෙන තමයි පෙරේදා රාත්‍රියෙ ආරක්ෂක අංශවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන් සහ කුලී හමුදාවක් යොදාගෙන මේ ප්‍රහාරය  දියත් කළේය.  “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීයාව් සාමය එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුමක් ගැන හෝඩුවාවක්

Next Post

ඉල්ලා අස්වන බව කී දකුණුපලාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනී….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.