ලලිත් චාමින්ද –
නිසි ඉඩම් අත්පත් කරගැනීමකින් හා විධිමත් ව්‍යාපෘති සැලැස්මකින් තොරව මිල්ලනිය අපනයන සැලසුම් කලාපයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 208කට වඩා වැඩි මුදලක් වියදම් කර තිබිය දී හොරණ වැවිලි පුද්ගලික සමාගම විසින් සිය ඉඩම් අයිතිය සම්බන්ධයෙන් අධිකරණට යෑම නිසා මුලු ව්‍යාපෘතියම අත්හිටුවන්නට සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් කළ විගණනයක දී හෙළි වී තිබේ.
එම විගණන වාර්තාවට අනුව හෙළිවන කරුණු මෙසේය.
සිය ඉඩම් අත්පත්කරගැනීමට එරෙහිව හොරණ වැවිලි පුද්ගලික සමාගම විසින් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම හේතුවෙන් මේ වනවිට රුපියල් කෝටි දෙසීය අටකුත් පන්ලක්ෂ තිස් තුන් දහස් තුන්සිය හතක් (2,080,533,307) වැය කරනු ලැබු මිල්ලනිය අපනයන සැලසුම් කළාපයේ වැඩකටයුතු අත්හිටුවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයක දී අනාවරණය වි ඇත.
නව අපනයන සැකසුම් කලාප පිහිටුවිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම විගණනය සිදු කර තිබේ. අදාල අපනයන සැකසුම් කලාපය සඳහා ඉඩම් අත්පත්කරගැනිමකින් තොරව යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ කොට ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.
යෝජිත මිල්ලනිය අපනයන කළාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සඳහා ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරිය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන සමග ලිඛිත ගිවිසුම්වලට එළඹිමකින් තොරව රුපියල් කෝටි එකසිය අනූ අටකුත් අසූ නව ලක්ෂ දහ අට දහස් තුන්සිය හතක් (1,988,918,307) ගෙවා ඇති බව ද විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත.
ආයෝජන මණ්ඩලය මගින් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් විසිකෝටි පනස් ලක්ෂයක් (205,000,000) මුදලක් පළාත් මාර්ග සංවර්ධන අධ්කාරිය සඳහාද, රුපියල් පන්කෝටි විසිහත් ලක්ෂ අනූ දෙදාස් හයසීයක ( 52,792,600) මුදලක් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහා රුපියල් තිස් දෙකෝටි තිස් තුන් ලක්ෂ හැට තුන්දසහ් එකසිය පනස් හතක මුදලක් ( 323,363,157) ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ද රුපියල් කෝටි එකසිය හතිලිහකුත් හැත්තෑ හැත් ලක්ෂ හැට දෙදහස් පන්සිය පනහක ( 1,407,762,550 ) මුදලක් ද ගෙවා ඇති බව විගණන වාර්තාවේ දැක්වේ.
සංවර්ධන උපයාමාර්ගික ජාත්‍යන්තර් වෙළද අමාත්‍යංශය මගින් 2017 වර්ෂයේ දි අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 1000 ක මුදලක් මේ සඳහා වෙන් කරන ලද අතර යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට ගෙවිම් කර ඇති බවද විගණන වාර්තා මගින් අනාවරණය කොට ඇත.
සමස්ථ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් ව්‍යාපෘති සැලැස්මක් ගෙවිම් සැලැස්මක් සකස්කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. හොරණ වැවිලි පුද්ගලික සමාගම විසින් 2019 මැයි 07 වැනි දිනි මිල්ලනිය අපනයන සැකසුම් කළාපය සඳහා පිහිටුවීමට යෝජිත ඉඩම පවරාගැනීමට එරෙහිව අභියාචනාධිකරණය වෙත මොසමක් ගොනු කරනු ලැබිය.
වර්ෂ 2019 සැප්තැම්බර් මස 19 වැනි දින අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් නැවැත්වීමේ ආඥාව 2021 ජනවාරි 21 දක්වා නිකුත්කොට ඇත. වර්ෂ 2018 දී අදාල ඉඩම අත්පත් කරගැනිමේ කාර්ය අවසන් කළ යුතුව තිබුණි. ලබන සතියේ දී සිදුවන අධිකරණ ක්‍රියාවලිය මත මිල්ලනිය අපනයන සැලසුම් කලාපයේ අනාගත කටයුතු සිදුවන ආකාරය තීන්දු වනු ඇත.