බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් අත්පත් කරගැනීමට පෙර යටිතල පහසුකම්වලට කෝටි 203ක් වියදම් කරලා.

ඉඩම් අත්පත්කරගැනීමට එරෙහිව හොරණ  වැවිලි පුද්ගලික සමාගම අධිකරණයට ගිය නිසා ව්‍යාපෘතිය කොට උඩ....  

by editor
ජනවාරි 15, 2021
in පුවත්
එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයා විසින් තායිලන්ත ආයෝජකයන් සමග ගිවිසුමට අත්සන් කළ අවස්ථාව... එවකට කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයාත් පසෙකින්...
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නිසි ඉඩම් අත්පත් කරගැනීමකින් හා විධිමත් ව්‍යාපෘති සැලැස්මකින් තොරව මිල්ලනිය අපනයන සැලසුම් කලාපයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි 208කට වඩා වැඩි මුදලක් වියදම් කර තිබිය දී හොරණ වැවිලි පුද්ගලික සමාගම විසින් සිය ඉඩම් අයිතිය සම්බන්ධයෙන් අධිකරණට යෑම නිසා මුලු ව්‍යාපෘතියම අත්හිටුවන්නට සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් කළ විගණනයක දී හෙළි වී තිබේ.

එම විගණන වාර්තාවට අනුව හෙළිවන කරුණු මෙසේය.

සිය ඉඩම් අත්පත්කරගැනීමට එරෙහිව හොරණ  වැවිලි පුද්ගලික සමාගම විසින්  අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීම හේතුවෙන් මේ වනවිට රුපියල් කෝටි දෙසීය අටකුත් පන්ලක්ෂ තිස් තුන් දහස් තුන්සිය හතක් (2,080,533,307) වැය කරනු ලැබු මිල්ලනිය අපනයන සැලසුම් කළාපයේ වැඩකටයුතු අත්හිටුවා ඇති බැව්  ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයක දී අනාවරණය වි ඇත.

නව අපනයන  සැකසුම් කලාප පිහිටුවිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම විගණනය සිදු කර තිබේ.    අදාල අපනයන සැකසුම් කලාපය සඳහා ඉඩම් අත්පත්කරගැනිමකින් තොරව    යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ කොට ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

යෝජිත මිල්ලනිය අපනයන කළාපයේ  යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සඳහා  ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය  මාර්ග සංවර්ධන අධිකාරිය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය  ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන සමග ලිඛිත ගිවිසුම්වලට එළඹිමකින් තොරව  රුපියල් කෝටි එකසිය අනූ අටකුත් අසූ නව ලක්ෂ දහ අට දහස් තුන්සිය හතක්   (1,988,918,307) ගෙවා ඇති බව ද විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත.

ආයෝජන මණ්ඩලය මගින් මාර්ග සංවර්ධන අධිකාරියට රුපියල් විසිකෝටි පනස් ලක්ෂයක් (205,000,000) මුදලක්  පළාත් මාර්ග සංවර්ධන අධ්කාරිය සඳහාද, රුපියල් පන්කෝටි විසිහත් ලක්ෂ අනූ දෙදාස් හයසීයක ( 52,792,600) මුදලක් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහා රුපියල් තිස් දෙකෝටි තිස් තුන් ලක්ෂ හැට තුන්දසහ් එකසිය පනස් හතක මුදලක් ( 323,363,157) ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ද රුපියල් කෝටි එකසිය හතිලිහකුත් හැත්තෑ හැත් ලක්ෂ හැට දෙදහස් පන්සිය පනහක ( 1,407,762,550 ) මුදලක්  ද ගෙවා  ඇති බව විගණන වාර්තාවේ දැක්වේ.

සංවර්ධන උපයාමාර්ගික ජාත්‍යන්තර් වෙළද අමාත්‍යංශය මගින් 2017 වර්ෂයේ දි  අයවැය යෝජනා මගින් රුපියල් මිලියන 1000 ක මුදලක් මේ සඳහා වෙන් කරන ලද අතර  යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2017 වර්ෂයේ  සැප්තැම්බර් මස සිට ගෙවිම් කර ඇති බවද විගණන වාර්තා මගින් අනාවරණය කොට ඇත.

සමස්ථ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් ව්‍යාපෘති සැලැස්මක් ගෙවිම් සැලැස්මක්  සකස්කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. හොරණ වැවිලි පුද්ගලික සමාගම විසින් 2019 මැයි 07 වැනි දිනි මිල්ලනිය    අපනයන සැකසුම් කළාපය සඳහා පිහිටුවීමට  යෝජිත ඉඩම  පවරාගැනීමට  එරෙහිව  අභියාචනාධිකරණය වෙත මොසමක් ගොනු කරනු ලැබිය.

වර්ෂ 2019 සැප්තැම්බර් මස 19 වැනි දින අධිකරණය මගින් ඒ සම්බන්ධයෙන් නැවැත්වීමේ ආඥාව  2021 ජනවාරි 21 දක්වා  නිකුත්කොට ඇත. වර්ෂ 2018 දී අදාල ඉඩම අත්පත් කරගැනිමේ   කාර්ය අවසන් කළ යුතුව තිබුණි. ලබන සතියේ දී සිදුවන අධිකරණ ක්‍රියාවලිය මත මිල්ලනිය අපනයන සැලසුම් කලාපයේ අනාගත කටයුතු සිදුවන ආකාරය තීන්දු වනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටවල ගව හොරු මරා මස්කළ ගවයින්ගේ හිස් මග දෙපස තබා ගිහින්….

Next Post

පාදෙණිය ප්‍රභූවරයෙක්… කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.