ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා කොන්ත්රානත්කරුවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමත් සමඟ එරට බලය තලේබාන් සංවිධානය අතට පත්වීම සිදුව ඇති බව ඇමරිකානු රජයේ ප්‍රධාන අධීකරණ කමිටු වාර්තාවක් මගින් අනාවරණය වී තිබෙ.
ඇෆ්ගනිස්ථානයේ සංහිඳියාම සඳහා වූ විශේෂ පරීක්ෂක ජනරාල්වරයා විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය වී ඇත.
මෙම වාර්තාව මගින් පෙන්වා දෙන අකාරයට ඇෆ්ගනිස්ථාන හමුදාවන් අභිබවමින් එරට බලය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමට ප්‍රධානම හේතුව ඇමරිකානු හමුදාවන් ඉවත්වීමයි.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ කඩා වැටීමට ඇමරිකා එකසත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම වර්ථමනා ජනාධිපති ජෝ බයිඩන් විසින් ගන්නා ලද තීරණ හේතුවී ඇති බවත් අදාල වර්තාව මගින් පෙන්වාදී ඇත.
අදාල වර්තාව සම්බන්ධනේ අල්ජසීරා පුවත්සේවය වර්තාකර ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ හමුදාවන් ඉවත්කරගැනීම සම්බන්ධයෙන් වොෂින්ටනය සහ තලේබාන් සංවිධානය සමඟ ගිවිසුමක් ඇතිකරගත් බවත් එය ඇෆ්ගනිස්ථාන හමුදාවන්ගෙ බිඳවැටීමට හේතු වී ඇති බවත්ය.
එමෙන්ම ඇමරිකානු ගුවන් හමුදාවන් විසින් ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට සහය දෙමින් එල්ල කළ ගුවන් ප්‍රහාර නවතා දැමීමත් තලේබාන් සංවිධානයේ නැගී සිටීමට හේතුවූ බවද අදාල වර්තා සානථ කරන බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වාර්තාව සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව සිය අදහස් දැක්විමෙන් වැලකී ඇති බවද වාර්තවේ.
ඇමරිකානු හමුදාවන් ඉකුත් වසරේ අගෝස්තු මාසයෙදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමඟ එරට සමස්ථ පාලන බලය තලේබාන් සංවිධානය අතට පත්වූ අතර මේවන විට ඔවුන් දැඩි මර්ධන කාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කටයුතු කරනු ලබයි.