ඇෆ්ගනිස්ථානයේ මිලියනයකට අධික ළමුන් පිරිසක් මන්දපෝෂණය හේතුවෙන් මරණයට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනතුරු අඟවයි.
මේවන විට ඇෆග්නිස්ථානය තුල පවතින ආර්ථික සහ සමාජීය අර්බුදකාරී තත්ත්වය මෙම දැඩි ආහාර හිඟයක් නිර්මාණය කිරීමට හේතුවී තිබේ.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය තුල මන්දපෝෂණනේ පෙළෙන දරුවන්ට ප්‍රතිකාර කිරීමට හැකියාව පවතින ප්‍රතිකාර මධ්‍යස්ථාන කිසිවක් මේවන විට ක්‍රියාතම නොවන බව රට මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරයි.
මේ අතර එරට මේවන විට දරුවන් ලක්ෂ හතලිහකට අධික පිරිසක් මන්දපෝෂණයෙන් පීඩා විඳින බවද එරට මහජන සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යංශය පෙන්වාදෙයි.
ඉකුත් වසරේ ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව යාමත් සමඟම එරට බලය තලේබාන් සංවිධානය විසින් අත්පත්කර ගත් අතර ඒත් සමඟම විදේශ අධාරවලින් යැපුනු ඇෆග්නිස්ථානය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටීමට ලක්විය.