ඇස නීරෝගීව තබා ගැනීමට විටමින් A සහිත ආහාර වැඩිපුර එක් කරගන්නැයි ඉන්දියානු පෝෂණවේදිනියක වන අංජලී මුකර්ජි පවසා තිබේ.
අඹ, ගස්ලබු වැනි එළවළු සහ පලතුරු, කිරි පරිභෝජනය කිරීම විටමින් A ශරිරයට එක් කර ගත හැකි ක්‍රමවේදයන්ය.ඇස්
යනු ශරීරයේ වඩාත් සංවේදී කොටස්වලින් එකක් වන අතර ඇස් කැසීම, රතු ඇස් වීම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. විෂ බීජ අතුළු වීම, පෝෂණය අඩු වීම වැනි හේතු නිසා ඇසේ නීරෝගීභාවය නැති විය හැකි අතර මෙම තත්වයන් බොහෝමයක් සඳහා වෛද්‍ය ආධාර අවශ්‍ය වන අතර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකින් ඇස් සුවවීමේ වේගය වැඩි දියුණු කළ හැකි බවත් ශරීරයේ අනෙකුත් සියලුම කොටස් මෙන්, ඇස් නිසි ලෙස පෝෂණය කළ යුතු බවත් පෝෂණවේදිනිය කියයි.
හින්දුස්තාන් ටයිම්ස්