ඉන්දියාවේ උද්ගත වී ඇති තත්වය හේතුවෙන් ඇස්ට්‍රා සෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් පුද්ගලයින් වෙත දෙවන මාත්‍රාව ලෙස වෙනත් කොවිඩ් එන්නතක් ලබා දිය හැකි දැයි සංවාදයක් ඇති වී තිබෙන බවත්, පළමු මාත්‍රාව එක එන්නත් වර්ගයකින් ලබාදී දෙවැනි මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබාදීමට හැකියාව ඇත්දැයි සෙවීමට මේ දිනවල පරීක්ෂණ පැවැත්වෙන බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර පැවසීය.
එසේ ලබා දිය හැකි යැයි පරීක්ෂණවලදී තහවුරු වුවහොත් වෙනත් එන්නතක් ගෙනැවිත් දෙවන මාත්‍රාව හැටියට ලබාදීමට හැකියාව තිබෙන බවද ඔහු කීය.
ඇස්ට්‍රා සෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අවශ්‍ය වන බවත් එය සපයා ගැනීම සඳහා විවිධ රටවල් සමග සාකච්ඡා කර ගෙන යන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා තිබිණි.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොවක්ස් පහසුකම යටතේ මැය මස මුල ලැබීමට නියමිතව තිබූ එන්නත් මාත්‍රා ලක්ෂ දහය ප්‍රමාද වීමට ඉඩ ඇති බව ඇය කීවාය.