ඇමරිකාවේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වැලදීමෙන් මරණයට පත්වෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා වූ විශ්‍රාමික හමුදා ජෙනරාල් කොලින් පවෙල් කොරෝනා වෛරසය ආසදනයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් අද දින මරණයට පත්ව තිබේ.
කීර්තිමත් ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරියෙකු ලෙස වසර තිස් පහක කාලයක් සේවය කර පසුව දේශපාලනයට පිවිස ඇමරිකා ඉතිහාසයේ සුවිශේෂී චරිතයක් වූ ඔහු මිය යන විට අසූ හතර හැවරදි වියේ පසුවිය.
කාලයක් පිලිකා රෝගයේ පීඩා විදි පවෙල් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා සිටියද කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් අද දින මරණයට පත්වූ බව ඔහුගේ පවුලේ සමාජිකයින් නිවේදනය කළ බව ඇමරිකානු මාධ්‍ය සඳහන් කරයි.
ඔහුගේ දෙමාපියන් ජැමෙයිකාවේ සිට ඇමරිකාවට සංක්‍රමාණය වූ අතර නිව්යෝක් නගරයේ හැදී වැඩුණුද පාසල් වියේ ඉගෙනුම් කටයුතු වලට වැඩි දක්ෂතාවයක් දැක්වූ දරුවෙක් නොවීය.
කෙසේ වෙතත් කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා සේවයට එක්වූ අතර 1958දී දෙවන ලුතිනන්වරයෙකු බවට පත්විය. පසුව වියට්නාම යුද්ධයට එක්වූ පවෙල් හට ක්‍රමක් ක්‍රමයෙන් තරු හතරේ ජෙනරාල්වරයෙකු දක්වා සාර්ථක ගමනක් පැමිණීමට හැකිවිය.
පසුව ඔහු 2001 වර්ෂයේදී ඇමරාකාවේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් හිටපු ජනාධිපති ජොජ් ඩබ්ලිව් බුෂි විසින් පත් කරනු ලැබීයී. එම ධුර කාලයේදී පවෙල් විසින් ඉරාකය සතුව න්‍යෂ්ටික අවි සතු බවට ප්‍රකාශ කරමින් ඉරාක යුද්ධයට මූලිකත්වය ගත් චරිතයක් බවටද ඉතිහාසයට එක්විය.