අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් අට දෙනෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩුවේදී රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුරයේ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද ‘The morning’ පුවත්පත වාර්තා කරයි.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සහ අධිකරණ ඇමති වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියේය.
සිරකරුවන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සමඟ ඉදිරියට යාමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) අවසර ලබා දුන් අතර පෙත්සම් 2022 පෙබරවාරි 15 දින විභාගයට ගැනීමට නියමිතය.