සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති ටිරාන්ගේ නියෝගයට පොලිස් ලොක්කෙක් මූණටම බෑ කියයි!

by Lankasara News
නොවැම්බර් 16, 2022
in පුවත්
Tiran Alles
Share on FacebookShare on Twitter

කොළඹ නගරයේ කිසිදු විරෝධතාවක් මින් ඉදිරියට පැවැත්වීමට ඉඩ නොදිය යුතු බවටත් එලෙස පවත්වන විරෝධතා පොලිස් බලය භාවිත කරමින් වහා විසිරුවා දැමිය යුතු බවටත් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය ටිරාන් අලස් විසින් කරන ලද නියෝගයක් සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් සිය විරෝධය අමාත්‍යවරයාගේ මුහුණටම ප්‍රකාශ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

ඊයේ (15) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිය අමාත්‍යංශයේදී පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා මෙම නියෝගය ලබා දුන් අවස්ථාවේ එයට එරෙහි වූ කොළඹ දිසා භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වන මාරපන මහතා නීත්‍යනුකූලව යම් විරෝධතාවක් හෝ රැළියක් සංවිධානය වන්නේ නම් එය වළක්වා ලීමට හැකියාවක් නොමැති බවට පවසා ඇති අතර එවැනි පියවරක් නෛතිකව ගත නොහැකි බව පවසමින් අමාත්‍යවරයාට සෘජුවම සිය විරෝධය පළ කළ බව මෙම ආරංචි මාර්ග පවසයි.

වාර්තා වන පරිදි එම සිද්ධිය මෙසේය.

බත්තරමුල්ලේ පිහිටි මහජන ආරකංෂතක අමාත්‍යංශයට ඊයේ (15) අමාත්‍යවරයා විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරක්න, බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ කොළඹ දිශාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කැඳවා ඇත. ඔවුන්ට අමාත්‍ය ටිරාන් අලස් පවසා ඇත්තේ මින් ඉදිරියට කොළඹ නගරයේ කිසිදු විරෝධතාවකට ඉඩ නොදීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවය.

එහිදී මාරපන නැමති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය මතය පළ කරමින් නීත්‍යනුකූලව රැස්වන යම් පෙළපාලියක් හෝ රැළියක් එලෙස විසිරුවා හරින්නේ හෝ වළක්වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර ඇති අතර අමාත්‍යවරයා ඔහුට පවසා ඇත්තේ තමන්ට එය සිදු කරන්නට නොහැකි නම් එතනින් ඉවත්වන ලෙසයි. එසේම එය ජනාධිතිවරයාගේ තීරණයක් බවටද අමාත්‍යවරයා පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ කතා බහ තරමක් උණුසුම් තත්ත්වයකට පත්ව ඇති අතර එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරීවරයා ජනාධිතිවරයා එවැනි නියෝගයක් කරන්නේ යයි තමන් විශ්වාස නොකරන බවත් ඒ ගැන විමසිය යුතු බවත් සඳහන් කරමින් යළි යළිත් අවධාරණය කර ඇත්තේ නීතියට පිටින් මෙම විරෝධතා මර්දනය කිරීමට පියවර ගැනීමන් රජයද අපහසුතාවකට පත්වය හැකි බව පෙන්වා දෙමිනි. ‍

මෙම තත්ත්වය උණුසුම් විම හේතුවෙන් රැස්විම අවසන් කිරීමට අමාත්‍යංශ නිලධාරීන්ට සිදුව ඇති බවද එම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරුණිකා තරුණයකු ඉස්සූ නඩුවට දින නියම වෙයි!

Next Post

පොලිස් මැරකම් ගැන කරුණු විමසීමට පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මානව හිමිකම් කොමිසමට කැඳවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.