සිය ඉල්ලීම් සඳහා වාචික එකඟතා ලැබුණු බවත් එම එකඟතා ලිඛිතව ලැබුණු පසු අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත් අහරින බවත් ලංවිම වෘත්තීය සමිති පවසයි.
අද දිනය තුළ එම එකඟතාවයන් ලිඛිතව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම සංගම් කියයි.
සඳුදා දිනයේ සියලුම වෘත්තීය සමිති සඳහා සාකච්ඡාවක් අමාත්‍යවරයාගෙන් ලැබුණා. ඒ සාකච්ඡාව ඊයේ හවස්වරුවේ අමාත්‍යාංශ කාර්යාලයේ පැවැත්වුනා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉන්න වෘත්තීය සමිති සියල්ලම එතැනදි සහභාගී වුනා. අමාත්‍යවරයා එතැනදි එතුමාගේ ස්ථාවරය කිව්වා එම ඉල්ලීම් සම්බන්ධව. තමන්ගේ ස්ථාවරය කියලා එකඟතාවය පල කළා.
එම එකඟතාවය ලිඛිතව ලබා දෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. අපි බලාපොරොත්තු වුනා මේ මාධ්‍ය හමුවට කලින් එය ලිඛිතව ලැබෙයි කියලා. නමුත් තව ප්‍රමාදයක් තියනවා. ඉදිරියේ දි එම ඉල්ලීම් සඳහා එකඟතාවය ලිඛිතව ලැබුනට පස්සේ වෘත්තීය සමිති ක්‍රියාවලිය එතැනින් නවත්වලා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහ ඉදිරි කටයුතුවලට දායකත්වය ලබා දෙන්න කටයුතු කරනවා.” ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රම ලංවිම වෘත්තීය සමිත අද (14) කැඳවූ මාධ්‍ය හමුව අමතා පැවසුවේය.







