මනම්පිටිය නිමල් ජයරත්න –
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ලෙසින් තැනූ පඹයෙක් පුලුස්සමින් මහවැලි ගොවීහු අදත් (20) පොහොර ඉල්ලා අරලගංවිල නගරයේ දී උද්ඝෝෂණයක නිරත වූහ.
වී වගාව සඳහා සුදුසු පොහොරක් ලබා දෙන ලෙසට රජයට බලකරමින් මහවැලි බී කලාපයට අයත් විජයබාපුර හා දම්මින්න කොට්ඨාසවල ගොවි සංවිධාන 30ක ගොවි නියෝජිතයන් සහ ගොවීහු දහසක් පමණ අද (20) දහවල් අරලගංවිල නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
දිඹුලාගල ගොවිජන එකමුතුව විසින් මෙම ගොවි උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
මෙවර මහ කන්නය සඳහා මාදුරුඔය ජලාශය යටතේ මේ මස 25දා ශ්රී ලංකා මහවැලි අධිකාරිය මගින් ජලය නිකුත් කිරීමට නියමිතව ඇතත් ජලය ලබා දීමට පෙර තමන්ට සුදුසු පොහොර ලබා දෙන ලෙස උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.
මෙවර මහ කන්නය සඳහා මහවැලි බී කලාපයේ මාදුරුඔය ජලාශය යටතේ කුඹුරු අක්කර 60, 000 ක වී වගා කිරීමට යෝජිතව ඇතත් වගාවටට සුදුසු පොහොරක් ලබා නොදුනහොත් එම කුඹුරු අක්කර 60,000 ම වී වගා කිරීමෙන් ඉවත් වන බව ද ගොවිහු මෙහිදී සඳහන් කළහ .