2023 පළාත් සභා මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට අද පෙරවරුවේ ලිපියකින් නියෝග කළ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මෙම ලිපිය ආපසු කැදවීමට කටයුතු කර ඇත.
තමන්ට ඇති බලය අභිබවා ගොස් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීමෙන් වලකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට අද (10) අදෑසන නියෝග කළ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මාධ්‍යයට පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා හෝ ඇප මුදල් භාර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලයක් මැතිවරණ කොමිසම විසින් ලබා දී නොමැති නිසා මෙම ලිපිය නැවත කැඳවූ බවය.
එම මැතිවරණයේ නාම යෝජනා සහ ඇප මුදල් භාර ගැනීම සඳහා බලය ඇත්තේ සහකාර මැතිවරණ කොමාසාරිස්වරුන්ට බව ද ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.
ඔහු විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට අද පෙරවරුවේ ලිඛිව දන්වා සිටියේ අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අංක 23/misc(001) හා 2023.01.10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව නැවත දැනුම් දෙන තුරු පාළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 සඳහාවන අපේක්ෂිත ඇප තැන්පතු මුදල් භාර ගැනීමෙන් වලකින ලෙස ය.
මේ අතර මෙම ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යැවීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක සියලුම ලේකම්වරුන්ට ලිපියක් මඟින් දන්වා තිබුණේ පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත යටතේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ලෙස පත් කර ඇති බවය.
ඔහු අවධාරණය කර තිබුණේ අපේක්ෂක ඇප කැන්පතු ලබා දෙන්නේ නම් එම තැන්පතු නියමිත පරිදි ලබා ගැනීම හා නාම යෝජනා නියමිත කාලවකවානුව තුළදී ලබා ගැනීම ඔවුන්ගේ වගකීමක් බවය.
මතභේදාත්මක ලිපිය