දේශසීමා අර්බුදය හේතුවෙන් චීනය හා ඉන්දියාව අතර පවතින අමිහිරි සබඳතා මධ්‍යයේ චීනය සිය හැසිරීම වෙනස් කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය විශේෂඥයින් සඳහන් කරයි. චීනය මේ වන විට ඉන්දියාවේ භෞමික අන්තර්බද්ධත්වය හා සෛවරීභාවය වටහාගෙන ඊට ගරු කරන අතර ඉන්දියාව බලාපොරොත්තු වෙන යහපත් සබඳතාවය දෙරට අතර ඇතිවෙනු ඇතැයි ඉන්දීය විශේෂඥයෝ විශ්වාස කරති.
පසුගියදා ආසියා සමාජ ප්‍රතිපත්ති ආයතනය විවෘත කරමින් කතා කළ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ඉන්දියා චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
“ඉන්දියාව හා චීනය අතර අන්‍යෝන්‍ය සබඳතා අනාගතයේදී වර්ධනය වන ආකාරය මත ආසියාවේ අනාගතය බොහෝ දුරට රඳා පවතී.. ඒ රඳා පැවත්ම තීරණය වෙන්නේ අන්‍යොන්‍ය සංවේදීතාවයන්, අන්‍යෝන්‍ය ගෞරවය හා අන්‍යෝන්‍ය කැමැත්ත මතයි.. මට නැවත නැවතත් කිව හැක්කේ දෙරටේ සබඳතාවය දේශසීමාවේ තත්ත්වය මත තීරණය කරන බවයි..”
විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු අදහස් පළ කළ හිටපු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික අනිල් කුමාර් පවසා ඇත්තේ චීනය සම්බන්ධයෙන් ගත් කළ ඉන්දියාවේ දේශසීමා ආක්‍රමණය රතු ඉරකින් වෙන්ව ඇති බව ද චීනය විශ්වාස කරන්නේ තමන්ට හැකි සෑම තැනකම පවතින තත්ත්වය වෙනස් කිරීමට හැකියාව ඇති බව ද යනුවෙනි.
චීනය හා ඉන්දියාව අතර සබඳතා පළුදු වූයේ 2020 අප්‍රේල් මැයි කාල සීමාවේදී චීන යුධ හමුදා ‘ද ෆින්ගර් ඒරියා’ ගැල්වැන් වැලි’ හොට් ස්ප්‍රින්ග් හා කොන්ග්රුන්ග් නාලා’ ඇතුළු විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැරදි හේතුවෙනි. කෙසේ වෙතත් යළිත් දෙරට අතර සබඳතා යහපත් වෙනු ඇතැයි විශේෂඥයින් විශ්වාස කරති.