මහාචාර්ය ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස පත් කර ඇතැයි වාර්තා වේ.
මේ බව මහාචාර්ය ආශු මාරසිංහ “නිවුස්ෆස්ට්” වෙත තහවුරු කළ බව එම පුවත් නාලිකාව පවසයි. පසුගිය 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර තිබේ.
ජනාධිපති උපදේශක මාරසිංහට සත්ත්ව හිංසනය පිළිබඳ එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වැනිදා එහු සිය ධුරයෙන් ඉල්ලා අස් වීය.
තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ආශු මාරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිල්ලක් ද සිදු කළේ ය.