බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථිකය ද?. ජීවිතය ද?. වැඩ වෙන්නෙ මෙහෙම නම් සති 02කින්  දිනකට 300ක් මැරෙන්න නියමිතයි…

බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි බීබිසී යට කී කතාව

by editor
අගෝස්තු 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා  ඉහළ යනු ඇති බවත්,  එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක්  දත්ත මගින් පෙන්නුම් කර තිබෙන බවත්   රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය වරයා මෙන්ම යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පවසයි.

ඔහු එසේ පවසා තිබුණේ බී.බී.සී. ය සමග සංවාදයකට එක් වෙමිනි.

“එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් අප ප්‍රමාද නෑ.   නමුත් පසුගිය කාලයේ අපේ ප්‍රමාදයන් නිසා, අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් නැති වුණා” ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

දවසකට මරණ 200, 300 ක්?

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

සීඝ්‍ර සහ සාර්ථක එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක වුවත්, වත්මන් තත්ත්වය දිගටම පැවතියොත් අගෝස්තු 10 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් දිනකට මරණ 80 -90 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි අගෝස්තු 01 වෙනිදා අනතුරු අඟවා තිබිණි

වහා සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු විය යුතු බවත් තවදුරටත් වසංගතය පිළිබඳ බොරු සහතික ලබා නොදිය යුතු බවත් සතියකට පෙර ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

“හැබැයි අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්.”

මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි ඉදිරි සති දෙක තුළ මරණ අඩු කිරීමට නම්:

පැමිණෙන සියලුම රෝගීන් රෝහල්වලට ඇතුලත් කර ගැනීම සහ නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීම මෙන්ම රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබා දීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදු විය යුතුය.

“මහාචාර්ය චන්න ජයසුමන කී ආකාරයටම අපිට තිබෙන බරපතලම ගැටලුව වෙන්නේ ඉන්දියාවේ වුණා වගේ ඔක්සිජන් ප්‍රමාණය මදි වුණු ගමන් අපි වෙනදා බේරගන්න ලෙඩ්ඩු මැරෙන්න තිබෙන අවදානම වැඩි වීම.”

“ඒ දේ නවත්ත ගන්න නම් අපි ආපසු මුලට යා යුතුයි. රෝගය තවදුරටත් පැතිරීම වළක්වන්න අවශ්‍යයි.”

“රටකට මේක කරන්න පුලුවන්ද බැරිද කියන දේ සිතන්නේ නැතුව මම මේ දේ කියන්නේ. මේ වෙලාවේ අපිට තව මරණ එන එක නවත්ත ගන්න කරන්න පුළුවන් දේ තමයි 100% ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව සති දෙකක් ගෙදර තියන එක. අපිට අඩුම තරමේ රෝහල්වලට හුස්මක් ගන්න, සූදානමක් ඇති කර ගන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා.”

“ආර්ථිකය ද? ජීවිතය ද?”

ආර්ථික ගැටළු දෙස බැලීමේදී එය කළ නොහැකි දෙයක් විය හැකිමුත් එවැනි පියවරකට නොගියොත් මරණ අඩු කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පෙන්වා දෙයි.

කෙසේ වුවත් යම් කිසි අවස්ථාවක “ආර්ථිකය ද ජීවිතය ද” යන්න තෝරා ගැනීමට බල කෙරෙනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

“ඒක, ආර්ථිකය ද ජීවිතය ද කියන තෝරා ගැනීම අපි තව ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්න ඇරලා ගන්නවද? දැන් ඒ තීන්දුව අරගෙන ජීවිත බේරා ගන්නවද කියන තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.”

“අද සති දෙකක් වැහුවත්, තව සති දෙකකින් සති දෙකක් වැහුවත් ආර්ථිකයට එන බලපෑම එකයි. හැබැයි අද සති දෙකක් වැසීම සහ තව සති දෙකකින් රට වැසීම හරහා අපිට නැති වෙන ජීවිත ප්‍රමාණය දෙතුන් දාහක් වෙන්න පුළුවන්, සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්.”

“අපිට රට එකපාරක් ඇරලා, ආපහු වහන්න උනොත් මේක අපේ ෆේලියර් එකක්, මේක අපේ වැරද්දක් වෙනවා වගේ හැඟීමක් නිසා අවශ්‍ය දේ නොකරන ගතියක් පේනවා.”

“අපිට යම් තීරණයක් ගන්න වෙනවා, ඊට පස්සේ තවත් තීරණයක් ගන්න වෙනවා කියන එක කාගේවත් වැරද්දක් නෙමෙයි. මේක තමයි ගෝලීය වසංගතයක යතාර්ථය.”

 Suneth-Agampodi
මහාචාර්ය සුනෙත් අංගම්පොඩි

 

සුනෙත් පෙරේරා –
BBC සිංහල –

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් පැතිරෙන්න හේතුව උද්ඝෝෂණ! . බුද්ධි අංශවල නව සොයාගැනීම ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි…

Next Post

රෝහල් ගණනාවක් හදිසි තත්ත්වයේ

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.