අඟහරුවාදා, ජූනි 30, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!

by editor
ජූනි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

පසුගිය සතියේ වෙනිසියුලාවේ ඇති වූ ප්‍රබල ද්විත්ව භූමිකම්පාවකින් ආර්ජන්ටිනා ජාතික පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමේ අතිශය කණගාටුදායක පුවතක් වාර්තා වේ.

 ඔහුගේ වෘත්තීය ජීවිතය බොහෝ විට වෙනිසියුලාවේ ක්‍රීඩා කණ්ඩායම්වලට සම්බන්ධව ගත වී තිබිණි. මේ ඛේදවාචකයට ඔහු මුහුණ දෙන විට  මෙම 38 හැවිරිදි ක්‍රීඩකයා  ‘ක්ලබ් ස්පෝර්ට් මාරිටිමෝ ලා ගුවයිරා’ (Club Sport Marítimo La Guaira) කණ්ඩායම නියෝජනය කරමින් සිටියේය.   අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු සිටියේ  අගනුවර වන කරකාස් හි පැවැති පුහුණු කඳවුරකට සහභාගී වෙමිනි. ඔහුගේ බිරිඳ වන යානිනා  මරනෙල්ලා   සහ ඔවුන්ගේ දරුවන් වන ආරොන් සහ අයින්හෝවා එම අවස්ථාවේදී අගනුවරට උතුරින් පිහිටි වෙරළබඩ නගරයක්වන ලා ගුවයිරා හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිට ඇත.   භූමිකම්පාව හේතුවෙන් ඔවුන් ජීවත් වූ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

මෙම භූමිකම්පා තත්ත්වය 2026 ජූනි 24 වැනි බදාදා දින සිදු වූ අතර, එය තත්පර 39ක අන්තරයක් තුළ එක පිට එක පැමිණි ප්‍රබල භූමිකම්පා දෙකකින් සමන්විත දුර්ලභ ගණයේ ද්විත්ව (doublet) භූමිකම්පාවක් ලෙස හඳුනාගෙන ඇත. මෙය වසර සියයකට වැඩි කාලයකින් වෙනිසියුලාවට බලපෑ ප්‍රබලම භූමිකම්පාව වන අතර, ලා ගුවයිරා ප්‍රදේශය මෙයින් දරුණු ලෙසම පීඩාවට පත් වූ කලාපයකි.

අනතුර සැණින් දැනගත් ට්‍රෙජෝ, ලා ගුවයිරා සිට කිලෝමීටර 30ක් පමණ දකුණින් පිහිටි පුහුණු කඳවුරේ සිට වහාම නිවස බලා දිව ආවේය. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තම පවුලේ අය ජීවතුන් අතර සිටිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් ඔහු දින තුනක් මුළුල්ලේ ඔවුන්ව සෙවීය. ඔහුගේ මිතුරන් සහ කණ්ඩායමේ සගයන් ද මෙම සෙවීම් කටයුතු සඳහා සහය දැක්වූ අතර, මුදාගැනීමේ කටයුතු වේගවත් කිරීම සඳහා ඔවුන් වැඩිදුරටත් බර යන්ත්‍රෝපකරණ ද ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත්, ඉරිදා දිනයේදී ක්ලබ් ස්පෝර්ට් මාරිටිමෝ ලා ගුවයිරා ක්‍රීඩා සමාජය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම සංවේදී පුවත තහවුරු කළේය. ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන්ගේ මෙම “පියවිය නොහැකි අහිමි වීම” පිළිබඳව තමන් දැඩි සේ කම්පාවට පත්වන බව එම ක්‍රීඩා සමාජය ප්‍රකාශ කළේය.

RelatedPosts

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

“ලූකස්, ඔබ තනි වී නැත. මාරිටිමෝ ලා ගුවයිරා හි සිටින ඔබේ පවුල ඔබ සමඟ සිටී,” යනුවෙන් ට්‍රෙජෝ සහ ඔහුගේ බිරිඳ, දරුවන් සිටින ඡායාරූපයක් ද එකතු කරමින් ඔවුහු ස පණිවිඩයක් නිකුත් කළහ.

ට්‍රෙජෝගේ මස්සිනා වන රිකාඩෝ ආර්ඩිලස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, ට්‍රෙජෝ මේ වන විට දැඩි මානසික කඩා වැටීමකට ලක්ව ඇති බවය. කඩා වැටුණු ගොඩනැගිල්ලෙන් කිසිදු දෙයක් ඉතිරි වී නොමැති බවද ඔහු සඳහන් කළේය.

බලධාරීන් පවසන පරිදි වෙනිසියුලාව පුරා මෙම භූමිකම්පාවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,450 දෙනෙකු මිය ගොස් ඇත. තවත් දහස් ගණනක් අතුරුදහන් වී හෝ තුවාල ලබා තිබේ. සහන සේවා කණ්ඩායම් තවදුරටත් ජීවතුන් අතර සිටින අය සෙවීමේ කටයුතුවල නිරත වුවද, සුන්බුන් අතරින් මිනිසුන් පණපිටින් බේරාගත හැකි තීරණාත්මක පැය 72ක කාල සීමාව මේ වන විට පසු වී අවසන්ය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම පෞද්ගලික ඛේදවාචකය වෙනිසියුලාවේ සමස්ත පාපන්දු ප්‍රජාවම කඳුළින් තෙත් කර තිබේ. මෙම ව්‍යසනය හේතුවෙන් තවත් ක්‍රීඩකයින් සහ තරුණ දක්ෂයින් රැසකටද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් අහිමි වී ඇත. මේ වන විට ලූකස් ට්‍රෙජෝ සහ ඔහුගේ ක්‍රීඩා සමාජය මෙන්ම සමස්ත වෙනිසියුලානු ජනතාවම එරට මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික ව්‍යසනය හමුවේ දරාගත නොහැකි ශෝකයකට මුහුණ දී සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

Related Posts

lanka-petrol-
පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

ජූනි 29, 2026
Galle-Prison
පුවත්

ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!

ජූනි 29, 2026
පුවත්

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

ජූනි 29, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!

ජූනි 30, 2026
lanka-petrol-

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!

ජූනි 29, 2026
Galle-Prison

ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!

ජූනි 29, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනිසියුලා භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට!
  • අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහළට!
  • ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.