ඉදිරියේ දී ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසිම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තබා ඇතැයි ගුවන් හමුදාව නිවේදනය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිරිත දිග මෝසම සක‍්‍රියවිමත් සමග ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය පිළිබඳ දැනුම් දීමත්, දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කිරීමත් නිසා ගුවන් හමුදාපතිවරයාගේ අදාල මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දී ඇත.
ඉදිරියේ දී ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබඳ නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සඳහා ගුවන් හමුදා නිරික්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසිමට හා මුදවා ගැනිමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානාත් මුදවා ගැනිම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් රත්මලාන, කටුනායක, හිඟුරක්ගොඩ යන ගුවන් හමුදා කඳවුරු තුළ සුදානමින් සිටින බවත් ගුවන් හමුදාව කියයි.