ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර බේකරි නිශ්පාදනයන් අතරේ පමණක් එකක් රුපියල් 35ක මිලකට හෙට (29) සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාව සඳහන් කරයි.
එසේ නිදහස් කරනු ඇත්තේ ආනයනික බිත්තර පිළිබඳ වාර්තාව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමෙන් අනතුරුවය.
සාම්පල පරීක්ෂණ වාර්තාව හෙට නිකුත් කරන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවාය.
ආනයනික බිත්තරයක් ශීතකරණයක් තුළ දින 90ක් කල් තබා ගත හැකි බව වාර්තා වේ.
හෙට හවස බිත්තර වරායෙන් නිකුත් කරන විට එම බිත්තර තොගය පුරා දින 07ක් වරායේ ගබඩාවල තැන්පත් කර තිබිණි.







