කීර්ති ප්‍රනාන්දු –
ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර තොග පිටපලාත්වල බේකරිවලට ලබාදීම සඳහා අවශ්‍ය අනුමැතිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මෙතෙක් ලබා දී නැතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි .
දැනට එම ආනයනික බිත්තර තොග ලබාදීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත්තේ කොළඹ සහ ඒ අවට බේකරි වලට බවද පැවසූ ඔහු පසුගියදා මෙරටට රැගෙන එන ලද බිත්තර තොගය ඊයේ( 24) කොළඹ හා ඒ අවට ප්‍රදේශවල බේකරි වලට බෙදා දීමට නියමිතව තිබෙන බවද පැවසීය .
දැනට රටපුරා බේකරි 6000ක් පමණ තිබෙන බවත් ආනයනික බිත්තර තවමත් ලැබී නොමැති බව පවසමින් පිටපලාත්වල බේකරි හිමියන් අප්‍රසාදය පළ කරන බවත් සභාපති ජයවර්ධන කියා සිටී .
මේ අතර පිට පලාත්වල බේකරිවලට ආනයනික බිත්තර නොලැබීම සම්බන්ධව කළ විමසුමකදී රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ආනයනික බිත්තර තොග බේකරිවලට බෙදාහැරීම සම්බන්ධව අවශ්‍ය අනුමැතිය ලබා දෙන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව බවය.
දැනට එම දෙපාර්තමේන්තුවෙන් ආනයනික බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ පිහිටි බේකරිවලට පමණක් බව ද පැවසීය .