කොවිඩ් ආසාදිතව සිටි ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිය හීන්මැණිකේ මීට ස්වල්ප වෙලාවකට පෙර මිය ගියාය.
හීන්මැණිකේ දරුවන් නව දෙනෙකුගේ මවකි. ඇයට සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනකුට කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර තිබිණි.
හීන්මැණිකේ වන්නිලා ඇත්තන් සමග පසුගිය 18 දා බදාදා මී පැණි පුජාවට මී පැණිත් රැගෙන දළදා වඳින්නත් ආවාය.
තම බිරියට කොවිඩ් රෝගය වැළඳුනු බවට තහවුරු වීම හේතුවෙන් මහියංගන රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පසුගිය 29 දා මාධ්‍යයට ප්‍රකාශ කළහ.
කොවිඩ් නිවුමෝනියා තත්වය ඇති වීම හේතුවෙන් ඇය මහියංගන රෝහලෙන් පේරාදෙණිය රෝහලට මාරු කර එවා තිබිණි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී ඇය අද මියගොස් තිබුණාය.