කීර්ති ප්‍රනාන්දු –
දඹාන ආදිවාසීන්ගේ කෝණ මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු උළෙල මෙම මස 25 වන දින දවස පුරා දඹාන ආදිවාසි කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්වේ.
ආදිවාසී නායක වනස්පති ඌරු වරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් හා උපදෙස් මත පැවැත්වෙන මෙම කෝණ මංගල්‍යය ආදිවාසී තරුණ සංසදය මගින් සංවිධානය කර ඇත .
එහිදී තරඟයට තලප කෑම, දුන්නෙන් විඳීම , ආදිවාසී තරුණයාගේ හොදම රැවුල තේරීම, ටික් මැරීම හෙවත් ( දිගම හූව) හොඳම ගෝත්‍රික යුවළ තේරීම ඇතුළු තරඟ රැසක් පැවැත්වීමට නියමිතය .
ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය ආදිවාසී තරුණ සංසදය සහ ආදිවාසී කෞතුකාගාරය විසින් මෙම උළෙලට අනුග්‍රහය දක්වයි