බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආදාහනයට විරෝධය පා පියාගේ කොවිඩ් මල සිරුර රෝහලේ දමා පුතා පිටව යයි…

by editor
දෙසැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

ලලිත් චාමින්ද

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු රජයේ නිරෝධායන ක්‍රමවේදයන්ට අනුව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ සිදු කරන ලෙස කාරපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ලබා දුන් තීන්දුවට විරෝධය පා භූමදානය කිරීමට ඉඩ නොදෙන්නේ නම් මරණය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ පුතා රෝහලින් පිටව ගොස් තිබේ.

වාර්තාවන අයුරින් සම්පූර්ණ කතාව මෙසේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සක්‍රිය කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවු හෘද රෝගි තත්වයක් හේතුවෙන් මියගිය  තිදරු පියගේ මරණය  නිරෝධායන නිතියටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ  අදාහනය කරන ලෙස  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා   නියෝග කළේය.

මියගිය තිදරුපියගේ හදිසිමරණ පරික්ෂණය  පෙරේදා (20) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විණි..

 මරණය භුමදානය කිරිම සදහා අවසර ලබාදෙනවානම් එය භාරගන්නා බවත් එසේ නොමැතිව ආදාහනාගාරය කිරිමට දෙනවානම්  මරණය භාර නොගන්නා බව ප්‍රකාශකරමින් මියගිය  අයගේ පුතෙකු ප්‍රකාශකොට හදිසි මරණ පරික්ෂක කාර්යාලයෙන් පිටව ගිය බවද හදිසි මරණ පරික්ෂකවරයා සදහන් කළේය.

මෙකී පුද්ගලයා මිය යාමෙන් පසු කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද හදිසි මරණ පරික්ෂකවරයා පවසයි. විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තා සහ පි.සි ආර් පරික්ෂණ වාර්තා සැලකිල්ලට ගෙන තමන් මෙම තින්දුව ලබාදුන් බවද  හදිසිමරණ පරික්ෂකවරයා සදහන් කළේය.

මියගොස් ඇත්තේ ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි  (84) නැමති නො 26 / 01 දේදදුගොඩ පටුගම හිරිඹුර හරස්පාර ලිපිනයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයාගේ පුතෙකුවන මොහොමඩ් හනුසි  මොහහොමඩ්යයිල්  (53) නැමැත්තා  හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ කිවේය.

“මියගොස් ඇත්තේ මගේ පියාය. තාත්තා පදිංචිවෙලා හිටියේ දේද්දුගොඩ තාත්තා නංගිත්, මස්සිනාත් මස්සිනාගේ දරුවන් තිදෙනාත්, මස්සිනාගේ දුව බැදපු මහත්තයාත්  එයාගේ දරු දෙදෙනාත් තමය දේද්දුගොඩ පදිංචිවෙලා හිටියේ. බෑනටත් දරු දෙදෙනාටත් නැතිව 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වුනා. තාත්තාත්  මල්ලිත් මල්ලිගේ පුතාත්  කරන්දෙණිය රෝහලට ඇතුළත් කළා. අනික් අය කුඹුරුගමුවේ හා හම්බන්තොට රෝහල්වල නතරවෙලා ප්‍රථිකාරගත්තා. 

තාත්තා මල්ලිත් පුතාත් කොවිඩ්වලට ප්‍රථිකාර  අරගෙන නිවසට පැමිණ දින තුනක් වෙනවා. නිරෝධායනය වෙමින් හිටියේ. මම පදිංචිවෙලා හිටියේ තාත්තලා පදිංචිවෙලා හිටිය ප්‍රදේශයට වඩා කිලෝමිටරයක් ඇතින්.  අපි කවුරුවත් තාත්තාලා පදිංචිව සිට නිවසට ගියේ ආවේ නැහැ. තාත්තා අරගෙන තිබුණේ දියර ආහාර පමණයි. ටිකක් අමාරු තත්වයෙන් තමයි ඉදලා තියෙන්නේ. පපුවේ අමාරුව දියවැඩියාව රුධිරපිඩනය යන රෝග තාත්තාට තිබුනා. තාත්තා  නිවසේදි මියගියා. 

පියාගේ මරණය කරාපිටිය රෝහලට රැගෙන ආවා. පරික්ෂණ සඳහා කොටස් වගයක් ගන්න බව වෛද්‍යවරු අපිට කිවා. පියාගේ මරණය ගැන අපිට සැකයක් නැහැ.  අවසාන වශයෙන් මට කීමට ඇත්තේ  පියාගේ මරණය භුමදානය කිරිම සඳහා අවසර ලබාදෙනවානම් එය භාරගන්නවා. එසේ නොමැතිව ආදාහනාගාරය කිරීමට දෙනවානම් අපි එය භාර ගන්නෙ නෑ.. “ හෙතෙම පැවසිය..

පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර   විසින් කරනු ලැබිය සාක්ෂි මෙහෙයවිම  ගාල්ල පොලිසියේ පො සැ 969 පියරත්න  විසින්   සිදුකරනු  ලැබිය.

 

  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයන් 4ක් අත්අඩංගුවේ…

Next Post

ඊසානදිග මෝසම සක්‍රීය වෙයි… බොහෝ ප්‍රදේශවල ගිගිරුම් සහිත වැසි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.