බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩු‍වේ 20 වැනි සංශෝධනය ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන ඉරාජ්ගේ සිංදුවක් වගේ

රෝහිණී කවිරත්න කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2020 - Updated on සැප්තැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා ආණ්ඩුව ගෙන එන්නට උත්සාහ කළ 20 වැනි සංශෝධනය ලියපු කෙනෙක් නැති කියපු කෙනෙක් නැති ගවුම් ඇඳන් නටන ඉරාන් වීරරත්නගේ සිංදුවක් වගේ යයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සඳහන් කළාය.

මාතලේ කබරගල වත්තේ ජන හමුවකදී අදහස් දැක්වූ කවිරත්න මන්ත්‍රිවරිය එයින් බලය තමන් අතට ලබා ගැනීම පමණක් නොව රටේ මුදල් විනය රකින්නට තිබෙන විගණන කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසමද මෙම සංශෝධනය තුළින් වසා දමා ඇතැයි පෙන්වා දුන්නාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රෝහිණි කවිරත්න මහත්මිය,

“ආණ්ඩුවේ‘ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලයට පිටින් ‘මුදල් බලය‘ කියලා වෙනම බල ව්‍යුහයක් ගොඩනැගී තියෙනවා. තමන්ගේ කැමැත්තට මුදල් වියදම් කරන්නට, නාස්ති කරන්නට තිබෙන ලැදියාව, කෑදරකම කොච්චර ද කියනවා නම්, විගණන කොමිසම ඉවත් කරලා, ප්‍රසම්පාදන කොමිෂන් සභාව වහලා දාලා, රටේ මුදල් වැය කරන හැටි ගැන සොයන්නට, විමසන්නට, පරීක්ෂා කරන්නට තියෙන සියළු මාවත අවහිර කන්නට 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුව උත්සහ කරනවා යැයි මාතලේ පාර් ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට දී පැවසුවාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කබරගල වත්තේ දී පැවති උත්සවයක් අමතමින් කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ, 20 වන සංශෝධනයෙන් අගමැති, කැබිනට් මණ්ඩලය සතු බලය ‘අලියා දිවුල ගිල්ලා වගේ‘ ජනාධිපතිවරයාගේ බඩට යවන්න උත්සහ කරනවා. අගමැතිවරයාට ඔය කැබිනට් එකේ ඇමතිවරුන්ට කට අරින්න වෙන්නේ තේ බොන්න විතරයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවට ජ්‍යෙෂ්ඨත්වයට පිටින් සමාජිකයෝ පත් කලාම සිදුවන විනාශය හිතාගන්නටවත් බැරි වේවි.

ඒ විදිහට පාර්ලිමේන්තුව, අධිකරණය කුඩු පට්ටම් කරලා දාලා, රටේ මුදල් තමන් කැමති විදිහට පාවිච්චි කරන්න ආණ්ඩුව උත්සහ කරනවා.

විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වහන්නේ අන්න ඒ නිසයි. මැතිවරණ කොමසාරිස්ට බලය ලැබුණු 104 උඋ වගන්තිය ඉවත් කරලා, මැතිවරණ කොමිසමේ සභාපති ලොකු පඹයෙක් කරන්න හදනවා.

මැතිවරණ කොමිසමේ නියෝග/උපමාන උල්ලංඝනය කරන රාජ්‍ය සේවකයෙකුට රු. ලක්ෂයකට දඩයක් ගහන්න, වසර 3 ක සිර දඩුවමක් දෙන්න දැන් පුළුවන්. මැතිවරණ නිදහස් හා සාධාරණව තියන්න, පෝස්ටර්, කටවුට් නීතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් වුණේ ඒ නිසයි. මගේ ගෙදර ගහලා තිබුන කටවුට් එකක් ගිය ඡන්දේ දී කැපුවා. දැන් මේ නීති ඉවත් කරන්නට උත්සහ කරන්නේ කාගේ උවමනාවට ද? බඩු බෙදන්න, රජයේ වාහන ටික ඡන්දෙට පාවිච්චි කරන්න නේද? කියා මම රත්තොට ජනතාවගෙන් අහනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තියෙන්, ජනාධිපති ‘නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ලබාදිය යුතුය‘ කියලා කියනවා. මේ වගන්තියට ඉවත් කරලා තියෙනවා. මේක හරියට ගවුම් ඇඳන් විපක්ෂයට මඩ ගහන එරාජ් වීරරත්නගේ සිංදුවක් වගේ. ලියපු කෙනෙක් නෑ. හදපු කෙනෙක් නෑ. කාව හරි විනාශ කරන්න හදපු ‘මඩ බාල්දියක්‘ යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් අත්අඩංගුවට

Next Post

යාපනේ ධීවරයෝ මුහුදු නොයා පාරට බසිති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.