සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ වී මිලදී ගැනීම් නෑ… මැද කන්නයේ මහවැලි අස්වැන්න මෝල් හිමියන් හූරගෙන යනවා… මහවැලි ගොවීහු රජයට කියති!

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

පොළොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ පළමුවරට මැද කන්නයේ වගා කරන ලදී කුඹුරු වල වී අස්වනු නෙළීමත් සමග රජයේ සහතික මිලට වී ලබාගැනීම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම නිසා පොළොන්නරුවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් වී මිල පහත දමා කුණු කොල්ලයට වී ගැනීම ආරම්භ කර ඇතැයි ගොවීහු පවසති.

මෙවර දිඹුලාගල මහවැලි කොට්ඨාසයට අයත් ඉද්දෙපිච්ච වැව බෙදුම්මල ගොවිසංවිධානය මගින් කුඹුරු අක්කර 700 කට ආසන්න සංඛ්‍යාවක් පළමුවරට මැද කන්නයේ වගා කෙරඅතර එම වී අස්වනු නෙළීමත් සමග පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශවල වී මෝල් හිමිකරුවන් වේලන ලද නාඩු වි කිලොවක් රුපියල් 110 කටත් අමු නාඩු වි කිලෝවක් රුපියල් 108 කටත් මිලදී ගැනීමට පෙළඹී ඇති බව ගොවීහු.

එලෙස තුට්ටු දෙකට ලබාගන්නා වී තොග සහල් බවට පත්කර පොළොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන් ඒවා සහල් බවට පත්කර කිලෝවක් රුපියල් 240 ත් 260 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීම බරපතළ අසාධාරණයක් බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය ඉතා කඩිමින් තමන්ගේ වී සහතිකයට ලබා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ යුතු බවත් ගොවීහු යෝජනා කරති.

මෙවර මැද කන්නේ වගා කරන ලද තම වී වගාවෙන් කොටසක් පසුගිය කාලය පුරා ඇදහැලුණු අධික වර්ෂාවට හසුවීමත් සමඟම නෙළීමට නොහැකි මට්ටමේ පවතින බවත්, ඇතැම් වී අස්වනු සහ ගොයම් වර්ෂාවට හසුවීමෙන් විනාශ වී ඇති බවත් ගොවීන් ප්‍රකාශ කරති.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

මහවැලි බි කලාපයේ ඉතිහාසයේ පළමුවරට දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ මැද කන්නයේ වගා කරන ලද නාඩු වී කිලෝ ලක්ෂ එකොළහක් රජයට ලබාදීමට සූදානම් වුවද රජය එම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ගොවීහු පවසති.

මෙම තත්ත්වය මත පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන්ට ජාවාරම්කාරී ගනුදෙනුවකට ඉඩ සැලසීම බරපතල අසාධාරණයක් බව දිඹුලාගල කොට්ඨාසයේ ඉද්දෙපිච්ච වැව බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති උෂාන් වික්‍රමසූරිය පැවසීය.

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට සම්බන්ධව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අප දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයෙකු සඳහන් කළේ මෙවර රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සමූපකාර හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

ඒ අනුව ගබඩා ශුද්ධ පවිත්‍ර කරමින් මෙම මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමදූවේ දී බස් රථ තුනක් ගැටී පුද්ගලයින් 09ක් රෝහලේ…

Next Post

අපේ මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් නාවික හමුදා අත් අඩංගුවට…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.