අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේම නොදරුවන් යළිත් මඩ ගැසුවොත් මටත් තීන්දුවක් ගන්න වෙනවා…

කර්මාන්ත ඇමති විමල් වීරවංශ කියයි...

by editor
පෙබරවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදිය යුතු බවට තමන් කළ  ප්‍රකාශය සම්බන්ධව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා  නිසි අවබෝධයකින් කටයුතු කළත් ආණ්ඩුවේ සිටින ඇතැම් නොදරුවන් තමන් විවේචනය කරමින් මඩ ගැසීමට පටන් ගෙන ඇති බව විමල් වීරවංශ කීවේය.

එය තවදුරටත් එලෙස සිදුවහොත් තමන්ට ද යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එහිදී අදහස් දක්වමින්  විමල් වීරවංශ ප්‍රකාශ කර ඇත.

මහින්ද සුළඟ ආරම්භක සාමාජිකයෙක් වශයෙන්  ඊට කිසිම සහායක් නොදැක්වූ අය මෙන්ම ඒ අවස්ථාව වනවිට දකින්නටවත් නොමැති   වූ අය තමන්ව නිර්දය ලෙන විවේචනය කරන බව ඔහු කීවේය. ඔවුන් කියන ආකාරයට තමන් කියපු දේ ඉල්ලා අස් කරගැනීමට හෝ සමාව ගැනීමට තමන් සූදානම් නැති බවත් ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා මෙසේ කීවේ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක්  ඇමති විමල් වීරවංශට එරෙහිව චෝදනා නැගීමත් සමග ඇති වී ඇති තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට පොදු ජන පෙරමුණට අයත් සුලු පක්ෂ 12ක් ඊයේ (11) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ රැස් වූ අවස්ථාවේ දීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට වහාම ජනාධිපති හා අගමැති හමුවී සාකච්ඡා කිරීමට එම පෙරමුණේ පක්ෂ 12ක නායකයෝ  එම රැස්වීමේ දී  තීරණය කළහ.

මෙම අර්බුදය දුර  දිග ගියහොත් ආණ්ඩුව දෙකඩ විය හැකි බවත්, එවැනි විනාශයකට ඉඩ දිය නොහැකි බවත් ඒ නිසා නොපමාව මේ ගැන සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණිය යුතු බවත් එම පක්ෂ නායකයින්ගේ ස්ථාවරය වී තිබේ.

ඇමති විමල් වීරවංශගේ නිවසේ වූ මෙම රැස්වීමට පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ෂ 12ක නායකයින් හා ක්‍රියාකාරී  නියෝජිතයින් 20ක් පමණ සහභාගී වී තිබුණි. එහිදී විමල් වීරවංශ සම්බන්ධව පැන නැගී තිබුණු ප්‍රශ්නය හා ජිනීවා යෝජනා, කොරෝනාවලින් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානයට ඉඩ දීම වැනි කරුණු ගණනාවක් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

පොදුජන පෙරමුණේ නායකත්වයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ යුතු බවට ඇමති විමල් වීරවංශ සති අන්ත පුවත්පතකට ලබා දී ඇති ප්‍රකාශයෙන් පසු ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඔහුට විරුද්ධව කළ ප්‍රකාශයෙන් අභ්‍යන්තරයේ උද්ගතව තිබෙන තත්වය සම්බන්ධව මුල් තැන දී  මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන ගොස් තිබේ.

මහින්ද සුළඟ ආරම්භ කිරීමට පුරෝගාමී දායකත්වය දී  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමට හා වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ප්‍රධාන තැනක් ගෙන කටයුතු කළ විමල් වීරවංශව විවේචනය කරමින් ඔහුව අවතක්සේරුවට ලක් කිරීම කෙළෙහි ගුණය නොදත් අය කරන අකටයුත්තක් බව මෙහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල  ප්‍රකාශ කළේය.

මේ විවේචනය නින්දිත පහත් ක්‍රියාවක් බවත් කිසිවිටෙකත් එවැන්නකට ඉඩ දිය නොහැකි බවත් උදය ගම්මන්පිල තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

උද්ගතව ඇති මෙම තත්වය නිසා ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇතිවෙමින් තිබෙන අර්බුදය අනවශ්‍ය එකක් බවත් මෙය සමතයකට පත් කරගැනීම හෝ ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය ගැන ප්‍රථමයෙන් අගමැති හා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බව ඇමති වාසුදේව නානායක්කාර පක්ෂ නායක රැස්වීමට යෝජනා කර තිබේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එම යෝජනාව පිළිගත් සියලු නියෝජිතයන් ලඟදීම අගමැති හා ජනාධිපති හමුවීමට තීරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 04යි ආසාදිතයන් 939යි..

Next Post

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ලයිස්තුවට යාපනයේ විජයකාන්තන් වයස්කාන්ත් ඇතුළත් වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.