බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට නාට්‍ය පිටපත වැරදිලා

කතෝලික පල්ලිය සමග සාකච්ඡාව ප්‍රසිද්ධියේ කළ එකක් - චම්පික රණවක කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් කලකට පෙර ප්‍රසිද්ධියේ කතෝලික පියතුමන්ලා සමඟ සිදුකොට අන්තර්ජාලය හරහා මහජනතාවට ප්‍රසිද්ධ කර තිබූ වීඩියෝවක් පසුගිය දිනවල ප්‍රධාන මාධ්‍යවල ප්‍රචාරය කරමින් තමන් කෙතා්ලික පියතුමන්ලා සමඟ කුමන්ත්‍රණ කළ බවට සිදුකරගෙන යන මඩ ප්‍රචාරය ආණ්ඩුෙව් පිටපත ඉතාම දුර්වල තවත් නාට්‍යයක් බව සමගි ජනබලෙව්ගෙය් කොළඹ දිස්ත්‍රික් පාරලිෙම්න්තු මන්ත්‍රී චම්පික රණවක පවසයි.

“අද ආර්ථික වශයෙන් වසංගතමය වශයෙන්, අන්තර්ජාතික වශයෙන් කඩාවැටී අපප්‍රසාදයට පත්ව සිටින රජයේ වැරදි කළමනාකාරීත්වය නිසා පිළිකුලට පත්ව ඇති මේ අප්‍රසාදය, පිළිකුල වෙනත් තැනක ස්ථානගත කරන්න. බාල වර්ගයේ නාට්‍යයක් නැවත රඟ දක්වමින් සිටින්නේ යයි ද අද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සහන් කළේය.

තමන් සහ කතෝලික පියතුමන්ලා එක්ව කුමන්ත්‍රණයක් කරන බවට රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍යවල වීඩියෝ පටයක් පසුගිය දිනවල ප්‍රචාරය වූ බව පැවසූ රණවක මහතා එම වීඩියෝ පටය ප්‍රසිද්ධියේ කතෝලික පියතුමන්ලා සමග සිදුකළ සාකච්ඡාවක් බවත් එහි කිසිම කුමන්ත්‍රණයක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

“කතෝලික පල්ලියට දැන් අවුරුදු එක්දාස් හයසීයක්. විවිධ අධිරාජ්‍යයන්, විවිධ යුද්ධ, ලෝක යුද්ධ, රජවරු මේ විශාල ක්‍රියාදාමයක් තුළින් පැවතිච්ච ආයතනයක්. ඒ ආයතනයට මේ මම වගේ දේශපාලඥයෙකුට කුමන්ත්‍රණයක් කරන්න පුළුවන් විදිහේ ආයතනයක් නෙමෙයි ඒ ආයතනය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙය කතෝලික පල්ලියටත් විශාල අවමානයක් ගෙන දෙන ක්‍රියාදාමයක් මෙන්ම පියතුමන් කිහිපදෙනෙක්ව ඉලක්ක කරගත් දේශපාලන දඩයමකි. පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු අමාත්‍යවරයා තම අදහස් එහි විවෘතව ප්‍රකාශ කොට තිබේ. පියතුමන් වෙත, සමාජයට හා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙන වෙනම එකිනෙකට වෙනස් අදහස් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නැත.

“මෙවැනි ආගමික අන්තවාදයක් වහාබ්වාදය සමග ක්‍රියාත්මක වන බවට මුලින්ම මේ රටට අනතුරු අඟවන කෘතියක් නිර්මාණය කළේ මමයි. ඒ 2001 වර්ෂයේ. ඒ කියන්නේ මීට අවුරුදු 20කට කලින්. එතකොට ඒ ඒ පිළිබඳ අනතුරු ඇඟවීමක් මුලින්ම මම කරලා තියෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. එවැනි අන්තවාදී ආගමික අදහස් දරන ඒ වෙනුවෙන් ක්රියාකරන අය මේ මහා මුස්ලිම් සමාජය තුළ ඉන්න බව ඒ මහා මුස්ලිම් සමාජයේ ඉන්න බහුතර මුස්ලිම් ජනයා එවැනි ක්රියා අනුමත නොකරන බවත් අපි සියලු දෙනාම හොඳටම දන්නවා. එතකොට ඒක වහන්න අපිට කිසිම ඕනකමක් නෑ.”

තව්හිද් ජමාත් ව්‍යාපාරය මේ රටේ මුස්ලිම් සමාජය තුළ සිටින ඉතාම සුළු කණ්ඩායමකි. ඔවුහු සමාජය තුළ අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීමට කටයුතු කළ අතර, ඇතැම් අවස්ථාවල ප්‍රචණ්ඩව හැසිරුණහ.

විනිසුරු ජනක් ද සිල්වා ප්‍රධානත්වය දරන පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අනුව ඊට සම්බන්ධ සහරාන් ඇතුළු විසිදෙනා සහිත කණ්ඩායම ඉහත කී තව්හිද් ජමාත් ව්යාපාරය හා මතුවූ අයයි.

“මේ තව්හිත් ජමාත් ව්‍යාපාරය කැඩී ගිහිල්ලා තමයි 2018 වර්ෂයේ පමණ සහරාන් කියන පුද්ගලයා වෙනම ගමනක් ගියේ. එතකොට මේ තවුහිද් ජමාද් ව්‍යාපාරය හා ශ්රී ලංකා බුද්ධි අංශ අතර සම්බන්ධයක් තිබුණාය කියන එක මම නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයත් පිළිඅරගෙන තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැටඹේ රජෝපනාරාමය ගිහිල්ලා පිළිගත්තා. අපි සල්ලි දුන්නා. තොරතුරු ගත්තා කියලා ඒක ප්රසිද්ධ වෙලා තියෙනවා.”

“පසුගිය රජය අපකීර්තියට පත් කිරීමටත් මේ නව රජය බලයට පත් කිරීමට කුමන්ත්‍රණයක් තිබුණාය. මහ මොළකරුවන් සිටියාය කියලා කිව්වේ අපි නෙවෙයි. යුක්තිය ඉටු කරනවාය පාස්කු ප්රහාරයෙන් මියගිය අයට කියලා මුළු කතෝලික ජනතාවටම කිව්වේ අපි නෙවෙයි. ඒ සම්බන්ධයෙන් දැවැන්ත ප්රචාරණ ගෙනිච්චා. හැබැයි යහපාලන කාලයේ අත්අඩංගුවට ගත්ත පිරිස ඇරෙන්න අලුතෙන් කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ.

අවුරුදු දෙකක් ඇමරිකා එක්සත් ජනපදයත් මේකට සම්බන්ධ පිරිස් වලට නඩු පවරලා තියෙනවා. අපි තාමත් නඩු පවරලා නෑ. ඒ ඒ වගේම මේ පිටිපස්සේ හිටපු චරිත කවුද කියන එක පිළිබඳව නැගෙන කුකුස විසඳන්න ආණ්ඩුව කිසිම ක්රියාමාර්ගයක් අරගෙනත් නෑ. ඒ නිසා අර පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා මහ මොළකරුවෝ අල්ලනවා. කෙනා අපිට වැදගත් වහසි බස් කරපු කිසිම දෙයක් නෑ. ඇත්තටම සහරාන්ට යම් යම් ආකාර වලින් උදව් උපකාර කරපු නැගෙනහිර පළාතේ දේශපාලනඥයෝ අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවත් එක්ක ඡන්දෙ දෙනවා. ඊළඟ පළාත් සභා මැතිවරණයේදීත් අපිට ඒක දැකගන්න පුළුවන්. ඒ අයට ඒ අයට කිසිම හානියක් සිද්ධ වෙලා නෑ. එහෙනම් ඉතාම පැහැදිලියි ආණ්ඩුව මේ ක්රියාදාමය වසන් කරනවා.”

එමෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂක අමාත්යාංශය විසින් පැවැත් වූ කොමිසම ඉදිරියට ගිය රණවක ඇමැතිවරයා ඒ පිළිබඳව තම අදහස් විවෘතව ප්රකාශ කළේය.

“ආණ්ඩුවෙන් අපේ සාක්කියට මොකද වුනේ? සමහරු කියනවා ගිහිල්ලා රහස් පොලිසියට කට උත්තරයක් දෙන්න කියලා. අපි දුන්නා බොහොම වැදගත් සාක්කියක්. ඒක විමර්ශනය කිරීම තමයි රහස් පොලීසියේ වගකීමත් ඒ වගේම නීතිපතිගේ වගකීම. දැන් නීතිපතිතුමා මොකද කිව්වේ? නීතිපතිතුමා කිව්වේ මේකෙ කුමන්ත්රණය තියෙනවා කියලා. එහෙමනම් ඒ මහත්තයව තමයි මුලින් ගෙනල්ලා ප්රශ්න කරන්න ඕනේ. ඒක කරන්නැතුව මේ අනිත් අයට විටින් විට ගෙනල්ලා මේ රහස් පොලිසිය යොදවගෙන කරන මේ හිරිහැරය අන්තිම අවලස්සනයි. අසික්කිතයි. මේක පැහැදිලි දේශපාලන දඩයමක් හැටියටයි අද ක්රියාත්මක වෙන්නේ.”

ඒ සම්බන්ධයෙන් රණවක හිටපු අමාත්යවරයා විසින් ලබාදුන් පිටු ගණනාවක සාක්ෂිය මෙතෙක් ජනතාවට ලබා දී නොමැත. වෙළුම් විසිතුනකින් තවමත් නිකුත් කර ඇත්තේ එක් වෙළුමක් පමණි.

‘මුලින් ඔය කටමැත දොඩවන සියලු දෙනාටම අපි කියන්නේ ඒ වෙලුම් විසිදෙක මගේ සාක්කියක් සහිත වෙළුම් විසිදෙක එළිදරව් කරන්න. එහිදී මම ලබාදුන් තොරතුරු පිළිබඳව මට ඒ කොමිසමෙන් කිව්වේ මගේ විශේෂඥ සාක්කියක් කියලා. එහිදී මා විසින් ලබාදුන් තොරතුරු පිළිබඳව වහාම විමර්ශනයක් කරන්න. ඒකයි කළ යුතු දේ වෙන්නේ. එහෙම නැතුව මේ සම්බන්ධයෙන් මේ දේශපාලන මඩ ව්යාපාරයක් ගෙනයාම ඉතාමත් භයානක අපරාධයක් මේ මොහොතේ හිතනවනම් මේකෙන් යම්කිසි ආකාරයකට මේ සමාජය නොමඟ යවන්න පුළුවන් කියලා ඒක ආණ්ඩුවට වෙච්ච බරපතළ වරදක් බවත් මතක් කරන්න ඕන.”

පාස්කු කොමිසම ඉදිරියට ගොස් තමන් විසින් ලබාදුන් ඇති සාක්ෂිය, තමන් විසින් පළකොට ඇති පොතපත මෙන්ම ආරක්ෂක අමාත්යාංශයේ කාරක සභාවේ කටයුතු කරමින් තමන් විසින් ලබාදුන් දේවල්, ප්රවෘත්ති සාකච්ඡාවල කියූ දේ, දේශපාලන වේදිකාවල කියූ දේ සහ මේ පියතුමන්ලා සමග කළ සාකච්ඡාවේ කිසිදු වෙනසක් නැත.

“කිසිම ආකාරයට අපි තොරතුරු හංගලා හෝ වෙනත් විදිහට කටයුතු කරලා නෑ. අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරන්නේ, අපි ලබාදුන් මේ සැකමුසු තත්ත්වයන් දුරු කරන්න මේ රට ඇතුළේ කියලා. ඒ වගේම ආණ්ඩුව මොකද කරන්නේ? කාදිනල් වහන්සේ පාස්කු ප්රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලනකොට පසුගිය ආණ්ඩුව කාලේ උන්වහන්සේ හොඳයි. දැන් උන්වහන්සේ නරකයි. එතකොට ඇතැම් පුද්ගලයෝ ඇවිල්ලා මේ නාට්යයේ නළුවෝ ටික ඇවිල්ලා කාදිනල් වහන්සේව තදින් විවේචනය කරනවා. ඊළඟට තව කණ්ඩායමක් ඇවිල්ලා කියනවා කාදිනල් වහන්සේට විරුද්ධ කුමන්ත්රණයක් පල්ලිය ඇතුලේ තියෙනවා කියලා පල්ලිය දෙකඩ කරන්න පුළුවන්ද කියලා බලනවා.”

එක් පැත්තකින් කාදිනල් තුමන් ඇතුළු ජනතාව කතෝලික ජනතාව කෙරෙහි බෞද්ධ ජනතාවගේ වෛරය අවුළුවන සුළු ක්රියාදාමයක් කරගෙන යන අතර, අනෙක් පැත්තෙන් කතෝලික සමාජය ඇතුලේම කාදිනල් වහන්සේ ඇතුළු පල්ලියේ බලධාරීන් ප්රශ්න කරන ක්රියාවලියක් ඇතුලේ ගැටුමක් ඇතැයි කියා පතුරුවාලන්නට ආණ්ඩුව උත්සාහ කරයි.
එමෙන්ම තෝරාගත් කතෝලික ක්රියාකාරීන් තරුණ ක්රියාකාරීන් සහ පූජකතුමන්ලාව ඉලක්ක කරගත් යම් මර්දනයක් ක්රියාත්මක වන බවත් පැහැදිලිය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරි පිටි මිල වැඩිකිරීමට ඇමති කැමති වෙයි – සහල් මිලත් වැඩි කිරීමට අවධානය

Next Post

වැලිකඩ – අ’පුර බන්ධනාගාරවල සීසීටීවී තාම නෑ

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.