බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආචාර්ය හර්ෂ ආයෝජන මණ්ඩල ලොක්කන් පතුරු ගසයි ! අද පාර්ලිමේන්තු දාන ලියවිල්ලකට අනුමැතිය දෙන්නත් බෑ කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 12ක බදු සහනයක් ලබා දී යෝජනා කර තිබූ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියකට අදාල නිසි විශ්ලේෂණ ආයෝජන මණ්ඩලය විසින් ලබා නොදීම හේතුවෙන් අද (04)  පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ලබා නොදීමට තීරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා ගෙ සභාපතිත්වයෙන් ඊයේ  (03) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගන්නා ලදී.

අද (04) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමතිය ‍මෙසේ හිමි නොවිණි . මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පනවන ලද 2022 අගෝස්තු 03 දිනැති අංක 2291/25 දරන මෙම ගැසට් පත්‍රයේ සදහන් මෙම නියමය පසුගිය සැප්තැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙරට ආයෝජනය සිදුකරන සමාගමකට වසර 12ක බදු සහන ලබා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා ආයෝජන මණ්ඩලයෙන් විමසා සිටියේය. එහිදී ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් ආයෝජන මණ්ඩල සභාපති රාජා එදිරිසූරිය ඇ.ුලු නිලධාරීන් ට සිය බලවත් අප්‍රසාදය පළ කමිටු සභාපතිවරයා ඒ අනුව මේ මොහොතේ ඊට අනුමතිය ලබා දිය නොහැකි බවත් පැවසීය.

ඔහු එහිදී සඳහන් කළේ කිසිදු විශ්ලේෂණයක් නොමැතිව කිසිදු අවබෝධයකින් තොරව ආයෝජන මණ්ඩලය වැනි ආයතන ක්‍රියා කිරීම නිසා රටේ ආර්ථිකය අද පවතින ඛේදනීය තත්ත්වයට වැටී ඇති බවය. තවදුරටත් රටට මෙවැනි තත්ත්වයන්ට පත්විමට ඉඩ නොදිය යුතු බව එහිදී අවධාණය කළ ආචාර්ය හර්ෂ ද සිල්වා රටට විදේශ ආයෝජන ගෙන එන ආයතනයේ නිලධාරීන් රජයේ ප්‍රතිපත්ති සහ බදු ක්‍රම පිළිබඳව අවබෝධයකින් තොරව ක්‍රියා කිරීම පිළිබඳව දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.  මෙම බදු සහනය සම්බන්ධයෙන් හෝ මෙම සමාගම් සම්බන්ධයෙන් තමන් ඇතුළු කාරක සභාවට කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පාර්ලිමේන්තු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙවැනි තීරණ ගන්නා විට එහි ආර්ථික බලපෑම පිළිබද දත්ත තොරතුරු ඇතුළත් විධිමත් විශ්ලේෂණයක් කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

මේ අනුව හෙට පෙ.ව 9.00 පමණ වන විට සියලු දත්ත සහ විශ්ලේෂණයන් සහිතව කමිටුව හමුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැන්වූ කාරක සභා සභාපතිවරයා එහිදී අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකිනම් අදාළ ගැසට් පත්රයට අනුමතිය ලබා දීමට හැකියාවක් නොමැති බවද පැවසීය. මේ අතර හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයට සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සඳහන් නියමයන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොමග යන්න එපා… ඉන්ධන දෙනවා. බලශක්ති ඇමති කියයි!

Next Post

ඛණිජතෙල් බෙදා හැරීම ඇතුලු අත්‍යාවශ්‍ය සේවා නම් කර විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.