සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගන්තුක සත්කාරයට ලැදි අපි පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිටින මිතුරන් අපගේ හදවතේ උණුසුම්ම තැනින් වැලඳ ගන්නවා… මෝදි වෙනුවෙන් විශේෂ භොජන සංග්‍රහයක් පවත්වමින් ජනපති කියයි!

by editor
අප්‍රේල් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • කුඩා නමුත් උණුසුම් හදවත් ඇති මිනිසුන් පිරුණු මෙම ආශ්චර්යමත් දිවයින වෙත ඔබේ රටේ ජනතාව නැවත නැවතත් පැමිණෙනු දැකීම අපගේ අපේක්ෂාවයි… ජනපති කියයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි   වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොළඹ ජනාධිපති මන්දිරයේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත්විණි.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාව ජනාධිපති අනුර කුමාර දිසානායක   විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක   සඳහන් කළේ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි  ගේ මෙම ශ්‍රී ලංකා සංචාරයෙන් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දු වන බොහෝ ක්ෂේත්‍රයන්හි දෙරටේ ජනතාව අතර වැඩි සමීපබවක් සහ සහයෝගීතාවක් සඳහා ඇති අවස්ථා පුළුල් කරනු ඇති බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  වැඩිදුරටත් මෙසේද පැවසීය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“අපි ආගන්තුක සත්කාරයට ඉතාමත් කැමති පිරිසක් වන අතරම අපි සියලු අමුත්තන් උණුසුම් ලෙස වැලඳ ගන්නවා. ඒ අතරින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා සිටින මිතුරන් අපගේ හදවතේ උණුසුම්ම තැනින් වැලඳ ගන්නා බව මම සිහිපත් කරනවා.”

“කුඩා නමුත් උණුසුම් හදවත් ඇති මිනිසුන් පිරුණු මෙම ආශ්චර්යමත් දිවයින වෙත ඔබේ රටේ ජනතාව නැවත නැවතත් පැමිණෙනු දැකීම අපගේ අපේක්ෂාවයි. අපි සෑමවිටම අපගේ මිතුරන්ට කියන දෙයක් තමයි, “නැවත එන්න” කියලා. අපගේ හදවත් ඔබව සාදරයෙන් පිළිගැනීමට සූදානම්.”

“අග්‍රමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ යහපත් සෞඛ්‍යය, ඉන්දීය ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය, අපගේ රටවල් දෙක අතර නිරන්තරයෙන් වර්ධනය වන සහයෝගීතාව සහ මිත්‍රත්වය යන මේ උදාර අපේක්ෂාවන් වෙනුවෙන් අපි එකම අරමුණකින් උණුසුම් හදවතින් ආශිර්වාද කරමු”

අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කැබිනට් අමාත්‍යවරුද, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා  ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උත්සවයක් අතරතුර බොරැල්ලේ උත්සව ශාලාවක ඇති වුන ගින්න…. (වීඩියෝ සහිතයි)

Next Post

අගමැති මෝදි ඓතිහාසික අනුරාධපුරයට !

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.