කීර්ති ප්‍රනාන්දු
ඇසළ පුන් පොහොය නිමිත්තෙන් අළුතෑපොල ගණේකන්ද පුරාණ රජ මහා විහාරස්ථ ශ්‍රී සංඝමිත්තා දහම් පාසැලේ සිසු සිසුවියන් විසින් පවත්වන ලද කොත්තමල්ලි දන්සැල ඊයේ ( 11 )දින එම විහාරස්ථ භූමියේ දී පැවැත්විණ .
පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද සිසු සිසුවියන් විශාල වියදමක් මේ සඳහා සිදු කර තිබූ අතර පන්දහසකට අධික බැතිමතුන් මෙම කොත්තමල්ලි දන්සැලෙන් සංග්‍රහ ලැබීමට සහභාගි විය.
අළුතැපොල ගණේකන්ද පුරාණ රාජමහා විහාරාධිපති මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසනාව පරිදි දහම්පාසල් ගුරු මහත්ම මහත්මීන් හා ශිෂ්‍ය නායක නායිකාවන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබිණ .