අහුංගල්ල බෝගහපිටිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (23) වෙඩි තැබීමක් සිදුකර තිබේ. මෙම වෙඩිතැබීම සිදුවන්නේ දකුණේ සිදුවන වෙඩි තැබීම් හා පුද්ගල ඝාතන දාමයට එරෙහිව දැඩි මෙහෙයුමක් සිදුවෙමින් පවතිද්දීය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් බලපිටිය රෝහලට ඇතුළත් කරතිබේ. තුවාලකරුවන් දෙදෙනා 24 හා 29 හැවිරිදි තරුණයන්ය.
බෝගහපිටිය ඌරගහ මාර්ගයේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටිය දී බෝර 12 තුවක්කුවකින් වෙඩි තැබිම සිදුකර ඇත.
වෙඩි තැබූ පුද්ගලයන් ගැන මෙතෙක් තොරතුරු වාර්තාවන්නේ නැත. අහුංගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.