අසමත් ජනපති – අසමත් අගමැති පැන්නීමට සජබ   හෙට සිට විරෝධතා සතියක් ප්‍රකාශ කිරීමට සැරසෙයි!…

Ranail-Gota

රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට අසමත් ජනපති අගමැති ප්‍රමුඛ ආන්ඩුව වහා ඉවත්වන ලෙස බල කරමින් විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කිරීමට සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රැස් වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රටේ  උද්ගතවී ඇති තත්ත්වය දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර විරෝධතා සතිය හෙට සිට ප්‍රකාශයට පත්   කිරීමට සාකච්ඡා වී ඇත.

ගෙවී ගිය කාල පරිච්ඡේදය තුළ රටේ ප්‍රශ්න උග්‍ර තත්ත්වයට පත් වී ඇති බවත් ඒ කිසිම ප්‍රශ්නයකට ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට විසඳුම් දීමට නොහැකිව අසමත්ව ඇති බවත් මන්ත්‍රී කණ්ඩායම  තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අසමත් පාලනයකින් ජනතාවට කිසිදු සෙතත් ඉටු නොවන බවත් ඉන් දිනෙන් දින රට අගාධයට තල්ලුවන බවත් ඒ තත්ත්වය මත අගමැති ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම අස් වී රට කළ හැකි කණ්ඩායමකට එය භාර දීම සිදුවිය යුතු බව මන්ත්‍රී කණ්ඩායමේ මතය වී තිබේ.


 

Exit mobile version