බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 28කට පස්සේ ජනපති අපනයන සංවර්ධන සභාව රැස්කරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) රැස් විය.

1979 අපනයන සංවර්ධන පනතින් “අපනයන සංවර්ධන සභාව” ස්ථාපනය කෙරුණු අතර එයින්  අපනයනකරුවන් ශක්තිමත් කර ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම අරමුණ විය.

රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ අපනයන ක්ෂේත්‍ර සංවර්ධනය කොට, ගෝලීය වෙළෙඳපොළ ජය ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථයක් ගොඩනැගීම වේගවත් කිරීම සභාවේ විෂය පථයට අයත් බව  ජනාධිපතිවරයා සඳහන් කළේය.

අපනයන සංවර්ධන සභාව යළි සක්‍රීය කරමින් පළමු හමුව අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පනත ප්‍රකාර සභාපති ධූරය ජනාධිපතිතුමාට හිමි වේ. ක්ෂේත්‍රයේ ගැටළු විසඳමින් ගත යුතු ඉදිරි පියවර සමාලෝචනයට අපනයන සංවර්ධන සභාව මසකට වරක් රැස්විය යුතු බව යෝජනා කෙරිණ.

අපනයනකරුවන්ට නව වෙළෙදපොළ අවස්ථා උදාකර දීම සඳහා අපනයන සංවර්ධන සභාවට පැවරී ඇති වගකීම අවධාරණය කළ ජනාධිපතිතුමා ඒ ඒ රටවල අවශ්‍යතා අනුව අපනයන ක්ෂේත්‍රයේ විවිධාංගීකරණයක අවශ්‍යතාව පැහැදිළි කළේය.

අත්සන් කර  ඇති ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් බොහොමයක් රටට හිතකර නැත.  රටට වාසිදායක සහ වැඩි ප්‍රතිලාභ අත්කරගත හැකි අන්දමින්  මේ ගිවිසුම් කඩිනමින් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව  ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අපනයන ක්ෂේත්‍රයේ ගැටළු විසඳීම සහ එහි ප්‍රගමනය උදෙසා ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය කඩිනමින් සංශෝධනයට සහ නව්‍යකරණයට ලක් කිරීමේ අවශ්‍යතාව ද එතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

ගොවීන්ගේ  ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළෙඳ පොළට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම පිණිස අපනයන නිෂ්පාදන ගම්මාන ස්ථාපනය ද සාකච්ඡාවට ලක් විය.

ප්‍රතිඅපනයනය නිසා පසුගිය යුගයේ  අපනයන ක්ෂේත්‍රයට සිදු වූ හානිය බරපතළය. ගොවියාගේ නිෂ්පාදකයාගේ සහ මෙරටට ආවේණික ඉහළ ගුණාත්මක අගයෙන් ඉහළ බෝගවල සුරක්ෂිතතාව තහවුරු වන අයුරින් ප්‍රති අපනයන සකස් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

අගය එකතු කළ නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය ඉහළම ප්‍රමිතියකින් සහ මනා අධීක්ෂණයෙන් විය යුතුය.

 ලෝක වෙළෙඳ පොළේ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනයටත්, ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමටත් උද්යෝගයෙන් ක්‍රියාකරන්නැයි තමා පෞද්ගලිකවම  තානාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපතිතුමා කීය.

ඉදිරියේ දී  සපුරාගත යුතු ඉලක්ක  සියලුදෙනාට නියම කරන බව කී එතුමා තානාපති කාර්යාලවල සිටින වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ගුවන් තොටුපොළ පහසුකම් පුළුල් කර ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් උදෙසා ආකර්ශණීය පසුබිමක්  සැකසීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

අපනයනකරුවන් අධෛර්යමත් කරන අනවශ්‍ය නීති රීති ඉවත් කළයුතු යැයි   ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු සහ  ආයතන රැසක ප්‍රධානිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොනාකෝවිලේ රොහා පොලිස් වෙඩි පහරින් මරුට

Next Post

මහින්දයි මෝඩියි වීඩියෝ වැඩකට ලෑස්ති වෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.