අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 225කට පසු කොළඹ ගංවතුර බස්සවන්න හැදෙන අලුත් උමං මාර්ගයේ කතාව

තත්ත්පරේට ජලය ලීටර 15,000ක් මුහුදට බස්සවන මුතුවැල්ලේ අලුත් උමග

by Lanka Sara Editor
සැප්තැම්බර් 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දැන් වහින වැසි පොඩි නැත. එහෙත් පොඩි වැස්සටත් අපේ වානිජ අගනගරයේ මාර්ග වාරිමාර්ග බවට පත්වන්නට යන්නේ පැය භාගයක පමණ කාලයක් පමණි. එයට හේතුව තවමත් වැසි ජලය ඇතුළු වැඩි ජලය මුහුදට වැටෙන්නට තිබෙන්නේ අපේ රට අල්ලාගෙන සිටින ඕලන්දක්කාරයන් විසින් සාදන ලද ජලය බැස යාමේ ඇළ මාර්ග සහ උමං මාර්ග හරහා වීමය.

වසර 225 කටත් වඩා පැරණි වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ග නිසි නඩත්තුවක් නොමැති වීම ඇතුළු විවිද හේතු නිසා විනාශයට ලක් වීමද කොලඹ නගරය පොඩි වැස්සකට පවා යට වෙන්නට බලපාන ලොකුම හේතුවකි.

ඊට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා මේ වනවිට නව උමංග මගත් ටවේගයෙන් ඉදිවෙමින් පවතී.එය හඳුන්වන්නේ නව මුතුවැල්ල උමං මාර්ගය ලෙසය.එහි වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කොළඹ අගනගර ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට (Metro Colombo Urban development) උපදෙස් ලබා දී ඇත.

උමං මාර්ගයට පිවිසෙන ස්ථානය

ඉදිකිරීම්වල අවසන් අයදියරේ පවතින කොලඹ නව මුතුවැල්ල උමං මඟ මීටර් 3 ක විශ්කම්භයකින් යුතුවෙයි. එය මීටර් 778 ක් දිගකින් යුතු වන අතර මේ වනවිට මෝදර ප‍්‍රදේශයෙන් එම නව උමඟ මුහුදට සම්බන්ධ කිරීමේ කටයුතු සිදුවෙමින් තිබේ. මාස 3 ක් ඇතුළත නව උමෙඟහි වැඩ කටයුතු මුළුමනින්ම අවසන් කිරීමෙන් අනතුරුව ඒ හරහා ජලය බැස යාමට කටයුතු සිදු කෙරෙනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අලූත් මාවත ප‍්‍රධාන ඇළ මාර්ගය අසලින් මෙම නව උමඟ ආරම්භ වන අතර උමඟ අවසන් වන්නේ මෝදර ධීවර වරාය ආසන්නයෙනි.

උමං මඟ අවසන් වන මෝදර ධීවර වරාය සමීප දර්ශනයක්

උමෙඟහි අවම ගැඹුර මීටර් 3 1/2 ක් වන අතර එහි උපරිම ගැඹුර මීටර් 17.2 කි. උමඟ ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවනු ඇත. ඉන්පසුව භූගත උමං මාර්ගයක් ලෙස තත්පරයකට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදා හැරිය හැක.

උමං මාර්ගයේ ඇතුළත දර්ශනය

අලූත් මාවත හා ළූණුපොකුණ ග‍්‍රාම සේවා වසම් හරහා පොළව යටින් ජලය බැස යාම සඳහා මෙම උමඟ ඉදිකර තිබේ.

මීටර් 1.8 ක විෂ්කම්භයකින් යුතු මුතුවැල්ල පැරණි උමං මාර්ගය උතුරු කොළඹ වතුර බැස යාමට ඉදිකර තිබුණ ද වසර 225 ක් මෙම ප‍්‍රදේශය ක‍්‍රම ක‍්‍රමයෙන් නාගරීකරණය වීමෙන් අනතුරුව පසුකාලීනව උතුරු කොළඹ ප‍්‍රදේශයේ ජලය බැස යාමට මීටර් 1.8 ක විශ්කම්භයකින් යුත් මෙම මුතුවැල්ල පැරණි උමං මාර්ගය ප‍්‍රමාණවත් නොවීය.

මේ නිසා බ්ලූමැන්ඩල් සහ අලූත් මාවත ප‍්‍රදේශ කුඩා වර්ෂාවකදී වුව ද ජල ගැලීම්වලට ලක්වන නිසා එම ගංවතුර තත්වයෙන් පවුල් රැසක් වැසි කාලවලදී දැඩි අසරණ තත්ත්වයකට පත්වෙති.
”කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය”, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වේ.

උමං මඟට පිවිසෙන ස්ථානයේ තවත් කොටසක්

මෙම ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඇ.ඩො.මි. 321 ක් වන අතර එයින් ඇ.ඩො.මි. 213 ක් ලෝක බැංකුවෙන් සහනදායී ණය පදනම මත ලැබුණු අතර ශ‍්‍රී ලංකා රජය ව්‍යාපෘතියට ඇ.ඩො.මි. 108 ක් ආයෝජනය කර තිබේ.
කොළඹ අගනගර කලාපයේ පවතින වැසි ජලය නිසා ඇතිවන ජල ගැලීම් දුෂ්කරතා අවම කර නාගරික යටිතල පහසුකම් නැංවීම හා පළාත් පාලන ආයතනවල හැකියාවන් වර්ධනය කිරීමට ව්‍යාපෘති යටතේ දැනටමත් වැඩසටහන් රැසක් ක‍්‍රියාවට නංවමින් සිටී.

නව මුතුවැල්ල උමගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා වන මූලික ශක්‍යතා අධ්‍යන කටයුතු හා සැලසුම් 2013 වසරේදී ආරම්භ කළ අතර, එහි ඉදිකිරීම් කටයුතු පළපුරුදු විදේශීය සමාගමක් වන චයිනා පෙට්‍රෝලියම් පයිප් ලයින් ඉංජිනියරින් කම්පැනි ලිමිටඞ් ආයතනයට භාර දෙන ලදි. ඉදිකිරීම් අධික්ෂණය යූෂින් ඉංජිනියරින් කෝපරේෂන් ලිමිටඞ් විසින් සිදු කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ කි‍්‍රයාත්මක වේ.

උමං මාර්ගය අවසන් වන තැන

මෙම ව්‍යාපෘතිය සඳහා නව මුතුවැල්ල, අලූත් මාවත ග‍්‍රාම නිලධාරී වසමේ ජීවත්වන පවුල් දැනුවත් කර ඇති අතර පවුල් 150 කට අයත් ඉඩම් හෙක්ටයාර් 1.719 ක ප‍්‍රමාණයක් රජයට පවරාගෙන මෙම උමඟ ඉදිකිරීමට යොදාගන්නා ලදි. දැනටමත් මෙම ඉඩම් පවරා ගැනීමේ කි‍්‍රයාවලියේදී ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස හා ඉඩම් අහිමිවූවන්හට නිවාස හා වන්දි ගෙවීමට රුපියල් මිලියන 647 ක පිරිවැයක් දරා ඇත. තවද උමඟ ඉදිකිරීම හේතුවෙන් නිවාස අහිමි වූ අනවසර පවුල් 63 ක් සඳහා ”මෙත්සඳ සෙවන” නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී තිබේ.

උමං ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීමේදී නිවාස අහිමිවූවන්ට නිවාස ලබාදී ඇති මෙත්සඳ නිවාස සංකීර්ණය
උමං ව්‍යාපෘතිය සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ

(ඡායාරූප – නලින් හේවාපතිරණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයන්ට එරෙහිව මන්නාරම් ධීවරයෝ උද්ඝෝෂණ සැලසුමක..

Next Post

ශ්‍රි ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමයේ අලුත් මණ්ඩලේ මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.