දිනසේන රතුගමගේ –
යාපනයේ වැල්වෙට්ටිතුරේ ගම්මානයේ ඉපිදී හැදී වැඩී අධ්‍යාපනය ලබා මීට වසර 11කට පෙර රැකියාවක් සඳහා කැනඩාවට ගිය විජේ තනිකාසලම් කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ නියෝජය ගමනාගමන අමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගෙන තිබේ.
ඔහු මීට පෙර කැනඩාවේ ඔන්රියෝ ප්‍රාන්තයේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කොට තිබේ
45 හැවිරිදි විජේ තනිකාසලම් මීට වසර 11 කට ඉහතදී රැකියාවක් සඳහා කැනඩාවට ගොස් කැනඩාවේ පුරවැසිභාවය ඇති දෙමළ කාන්තාවක් සමග විවාහ වූ අයෙකි.
විජේ තනිකාසලම්ටද කැනඩාවේ පුරවැසි භාවය ලැබීමෙන් පසු ඔහු එරෙට ඔන්රියෝ ප්‍රාන්තයේ දේශපාලන කටයුතුවල නිරත වී තිබේ.
මේ වන විට විජේ තනිකාසලම්ගේ පවුලේ මුල් සාමාජිකවක් යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ නොමැති අතර වැඩි පිරිසක් කැනඩාවට ගොස් සිටිති.