බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 04ක් ඉස්ලාම් ත්‍රස්තයන්ගේ මරණය දකිමින් සිට ජිවිතය ලද අත්තම්මා..

by editor
ඔක්තෝබර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

  • ඉස්ලාමීය ත්‍රස්තයන් පැහැර ගත්තේ මාලි රාජ්‍යයේ දරුවන් මන්දපෝෂණයෙන් බේරගන්න ස්වේච්ඡා සේවයේ යෙදෙද්දි…
  • නිදහස් වෙන්නෙ පෙරේදා (09)…   ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින්   පැරිස් නුවරට පැමිණි විට ඇයව පිළිගැනීමට ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්  ඇවිත්
  • අවුරුදු හතරක සිරකාර දිවියත් සතුටින් භාර අරන්… එය අධ්‍යාත්මික හුදකලාවක්.. ඇය ජාත්‍යාන්තර මාධ්‍ය වලට කියලා..
මන්දපෝෂණයෙන් පීඩා විඳින දරුවන්ගේ සුබසාධන කටයුතු ගැන සොයාබැලීමට ස්වේච්ඡා සේවිකාවක ලෙස ප්‍රංශයෙන් මාලි රාජ්‍යයට පැමිණි සොෆී පෙට්‍රොනින්   2016 දෙසැම්බර් මාසයේ දිනක ගාඕ නගරයේදී පැහැරගනු ලැබුවේ එරට ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසිනි.

සොෆී පෙට්‍රොනින් සමජ සේවා කටයුතුවල යෙදුණු වකවානුව..
වසර හතරක කාලයක් පුරා  රඳවා තබාගෙන සිටි සොෆී පෙට්‍රොනින් මීට දින දෙකකට ඉහතදී නිදහස් කළ අතර පෙරේදා (09) ඇය බමාකෝ අගනුවර ප්‍රංශ තානාපති කාර්යාලයට සේන්දු වූවාය. සොෆී පෙට්‍රොනින් එම ත්‍රස්තවාදී කණ්ඩායම රඳවාගෙන සිටි අවසාන ප්‍රංශ ජාතික ප්‍රාණ ඇපකාරිය විය.
සොෆී පෙට්‍රොනින් නිදහස් වනවිට 75 හැවිරිදි වියෙහි පසු වූ අතර, ඇය සමඟ තවත් ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙක් නිදහස් කර තිබේ. ඇය සමඟ නිදහස් වූ අනෙක් තිදෙනා වන්නේ ඉතාලි ජාතිකයන් දෙදෙනෙක් හා මාලි දේශපාලනයේ නියැලී සිටි තැනැත්තෙකි.
අන්තවාදීන්ගෙන් මිදී බමාකෝ නුවරට සේන්දු වූ සොෆීව පිළිගනු ලැබුවේ ඇයගේ පුතු වූ සෙබස්තියන් චැඩවුඩ් විසිනි. වසර හතරක සිරකාර දිවිය ගැන ජාත්‍යන්තර මාධ්‍යය සොෆීගෙන් විමසූ විටදී  ඇය පවසා සිටියේ එම කාලය අධ්‍යාත්මික හුදකලාවක් ලෙස තමා දරාගත් බවයි.

ඇයගේ පුතු වූ සෙබස්තියන් චැඩවුඩ් සොෆීව පිළිගත් අයුරු…
එසේම ඇයව පැහැරගැනීමට ලක්වූ ගාඕ නගරයට නුදුරු දිනකදීම   බවත්, වසර හතරකට පෙර තමාට සම්පූර්ණ කිරීමට නොහැකි වූ කාර්යය එනම් මාලිහී අනාථ සහ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් උදෙසා කළ මානුෂික වැඩපිළිවෙළ නැවත ආරම්භ කරන බවත් බමාකෝ අගනුවර පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය ඉදිරිපිටදී ඇය මාධ්‍යයට ප්‍රකාශ කළාය.
“පෘථිවිය මත ජීවත්වෙන අපි හැමෝටම, ඉදිරියට යාමේදී බොහෝ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවනු ඇත. සිදුවන දේ ඔබ පිළිගන්නේනම් ඒ තරම් නරක නොවේවි. පිළි නොගන්නේනම් එය ඔබවම රිදවාවි.”
ඊයේ දිනයේදී ප්‍රංශ ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් සොෆී පෙට්‍රොනින් පැරිස් නුවරට සේන්දු වූ අතර ඇයව පිළිගැනීමට ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පැමිණ සිටියේය. ඇයගේ නිදහස ගැන තමා බොහොමත්ම සතුටු වන බවද ඉදිරි වැඩ කටයුතුවලදී සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී පවසා සිටියේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියානු කහ කිලෝ 800ක් නිසා අනලතිවු දූපත වැසේ….39ක් නිරෝධානයට

Next Post

පෙනි පෙනී අතුරුදන්වන අද්භූද මිනිසෙක් මාතර පරමුල්ල ප්‍රදේශ කළඹයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.