අවුරුදු පහුවනතුරු ගෑස් මිලෙහි ඉහළ යෑමක් සිදු නොවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.
ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලය තවත් සති දෙකක් පමණ ගතවනතුරු ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.
ගෑස් හිඟය හේතුවෙන් ඇති වී තිබෙන පීඩාකාරී තත්ත්වය තුළ මිල සංශෝධනයක් සිදුවුවහොත් තත්වය වඩාත් උග්‍ර විය හැකි බව ලිට්‍රෝ සමාගමේ අදහස වී තීබේ.
මේ අතර ලිට්‍රෝ සමාගම දෛනිකව වෙළෙඳපලට සපයන ගෑස් සිලින්ඩර එක්ලක්ෂ විසි දහසක ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරගැනීම සඳහා එම සමාගමේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.