ලලිත් චාමින්ද –
මෙම වර්ෂයේ (2022) මුල් කාර්තුව තුළ නිමි තේ කිලෝග්‍රෑම් ලක්ෂ 40 ක පමණ නිෂ්පාදනය අඩුවි ඇති බවත් මේ නිසා ඩොලර්මිලියන 73ක පමණ ආදායමක් අහිමිවි ඇති බවත් පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් පවසයි.
රසායනික පොහොර තහනම් කිරිමේ ප්‍රථිපල මේ වනවිට ලැබෙමින් පවතින බවත් කිලෝ 50 තේ පොහොර කොට්ටයක මිල රුපියල් 20000, 30000 අතරේ පවතින බවත් ලයනල් හෙරත් පවසයි.
පොහොර මිල වැඩිවිම තේ වතුහිමියන්ට දරාගත නොහැකි බවත් මෙම තත්වය නිසා තේ වතු හිමියන්ගෙන් විශාල පිරිසක් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව ඇති බවත් හෙතෙම පවසයි.
මේ නිසා අමු තේ දළු නිෂ්පාදනය මෙන්ම තේ දළුවල ප්‍රමිතියද අඩුවි ඇති බවද තේ කර්මාන්තශාලා හිමියන්ගේ සභාපතිවරයා කියයි.
අපේ රටේ නිමි තේ නිෂ්පාදනය දිගින් දිගටම අඩුවුවහොත් තේ නිෂ්පාදනය කරනු ලබන වෙනත් රටවල් අපිට හිමි ලෝක තේ වෙළදපොළ අල්ලා ගැනිමේ අවදානමක් පවතින බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
ඉන්ධන අර්බුදය තේ කම්හල් සඳහා දැඩිලෙස බලපා ඇති අතර ප්‍රවාහනයේ දි මෙන්ම අමුදර සැපයිමේ දි මෙය තේ කම්හල් හිමියන්ට දැඩිලෙස බලපා ඇති බවද ඔහු පවසයි.
අමු තේ දළු සදහා ඉහල මිලක් මේ වනවිට ලැබි ඇතත් යෙදවුම්මිල ද වැඩිවි ඇති බව පෙන්වා දෙන තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා මේ නිසා කඩනමින් සහනදායි මිලකට තේ පොහොර ලබාදිමට කටයුතු කළයුතුව ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.