නාවික හමුදා අවි ගබඩාවකින් අස්ථානගතව තිබූ T56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙකු කුලියාපිටිය, ඉළුක්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් අද (16) අලුයම සිදුකළ වැටලීමක දී මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මොහු 2021 වර්ෂයේ කොළඹ වරාය, රංගල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව සිට ඇති අතර එම කාලයේ දී අදාළ T56 ගිනිඅවිය අස්ථානගතව තිබුණි.
සැකකාර සෙබළා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් සිදුකරන විමර්ශනවලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.







