අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවසන් රන්දෝලි පෙරහරේ අලි කුළප්පුවක්… ඇතුන් මත සිටි 03ක් රෝහලේ…

ඉතිහාසයේ පළමු වරට පෙරහර විසිරෙයි....

by editor
අගෝස්තු 23, 2021
in පුවත්
අලි කුලප්පුව

අලි කුලප්පුව

Share on FacebookShare on Twitter

ඉතිහාසයේ පළමු  වරට මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ ගමන් කරමින් සිටිය දී     විසිර ගියේය.  ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කරමින් සිටියදී සියලු සම්ප්‍රදාය න් බිද දමමින් දළදා විථියෙ කොටුගොඩැල්ල වීථිය ට හැරෙන මං සන්ධියේදී නර්තන කණ්ඩායම් පන්දම් කරුවෝ සී සීකඩ විසිර ගියහ.

ඒ සිවුමහා දේවාල පෙරහර ට එක්කාසු වීමට සූදානම් වී සිටි කතරගම දේවාලයේ අලි ඇතුන් හය දෙනෙක් කුලප්පු වෙමින් දළදා මාළිගාවේ පෙරහැර දෙසට දිවගිය නිසාය.

පෙරහර සජීවී විකාශයක් නිසා මේ තත්තවය   සංසංකරණය කරමින් පෙරේදා ගමන්ගත් කතගරගම පෙරහරේ දර්ශන විකාශය කිරීමට රූපවාහිනී අංශ කටයුතු කර තිබිණි.

එම අවස්ථාවේ ඇතුන් මත සිටි පුද්ගලයින් තිදෙනෙක් බිම් වැටී මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රෝහල් ගත වූයේ.. වයස අවුරුදු 24ක් වූ පිළිමතලාවේ පදිංචි පී එල් රණතුංග , වයස අවුරුදු 23 ක් වූ කටුගස්තොට පාරේ පදිංචි ටී එස් චන්ද්‍රරත්න , සහ වයස අවුරුදු 35 ක් වූ මුල්ගම්පොල පදිංචි ඒ කේ දයානන්ද යන අයය.

රාත්‍රී 9.30 ට පමණ රෝහල්ගත කොට එක්ස්කිරණ පරික්ෂණ ද සිදු කොට පැය තුනකට ආසන්න කාලයක් රෝහලේ රදවා තබා ප්‍රතිකාර කිරීමෙන් පසුව තිදෙනා නැවත දේවාලය වෙත යවා තිබිණි.

ඇත් අලිි කුලප්පුව හේතුවෙන් පෙරහැර ගමන්මග පැයකට ආසන්න කාලයක් නතරව තිබිණි.

පෙරහැර සජීවීව විකාශනය වූ බැවින් ලංකාවාසී ලෝක වාසී ජනතාව ට බාධා වෙතින් තොරව පෙරහර නැරඹීමට සැලැස්වීමට සංවිධායක කමිටුව පියවර ගෙන තිබිණි.

පෙරහර සජීවි විකාශය සදහා රූප ගත කරන ස්ථානයෙන් පිටතට යන තෙක් විෂ්ණු දේවාලයේ පෙරහර පටත් කර යවා අඩුවක් නොදැනෙන සේ පෙරදින ගමන්ගත් කතරගම දේවාලයේ පෙරහර වීඩියෝව විකාශන ය කර තිබේ.

පසුව නැවත පත්තිනි දේවාලයේ පෙරහර ද විකාශනය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණවල පෙනී නොසිටින විත්තිකරුවන්ට වරෙන්තු නෑ…

Next Post

තවත් ෆයිසර් මාත්‍රා අසූ දහසක් ලංකාවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.