ඔමික්‍රෝන් ප්‍රභේදය මතෙක් හඳුනා ගත් සෑම කොවිඩ් ප්‍රභේදයකටම සාපේක්ෂව පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා පැතිරයමින් ඇතත් ඒ පිලිබඳව රටවල ඇති අවතක්සේරුව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ආදනම් සිය කණසල්ල පල කර තිබේ.
ඔහු පවසන්නේ රටවල් රැසක ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් තිබුණත්, තවමත් එය හඳුනාගෙන නොමැති විය හැකි බවය.
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට සූදානම් නොවුනහොත් රෝගීන් සංඛ්‍යාව අනපේක්ෂිතව ඉහළ ගොස් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකට ලක්විය හැකි බව ඔහු අනතුරු අඟවා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට ලොව පුරා රටවල් 77ක ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තව තිබේ. මේවනවිට යුරෝපයයි. බ්‍රිතාන්‍ය තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති අතර ඔමික්‍රෝන් ආසාදිතව සිදුවූ පළමු මරණය ද ඉකුත් දා බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. යුරෝපය පුරා ඔමික්‍රොන් සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබේ.