ඉදිරි පැය 48ක කාලය තුළදී ජාතික ඉන්ධන අවසර පත්‍ර QR සඳහා අලුතෙන් ලියාපදිංචි වීමට නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරයි.
Due to planned Maintenance work by the Dept of Motor Traffic to its system, the Registrations to the National Fuel Pass QR system for new users will not be available for the next 48 hours. Existing registered users will have no impact in using the system. https://t.co/4GlE92B7me
— Kanchana Wijesekera (@kanchana_wij) August 5, 2022
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පද්ධතියේ සිදු කරන නඩත්තු කටයුතු හේතුවෙන් නව පරිශීලකයින්ට පැය 48කට ලියාපදිංචි වීමට අවසර නොලැබෙන අතර දැනට ලියාපදිංචි පරිශීලකයින්ට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.