කිසිම ආකාරයක නම මුදල් අච්චු ගැසීමක් සිදුවී නැති බවත්, රුපියල් බිලියනක මුදල් අලුතින් මුද්‍රණය කිරීමක් සම්බන්ධව පලවෙමින් ඇති ප්රවෘත්ති මුලුමනින්ම අසත්‍යයක් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කළේය.
කිසිම අලුත් ණයක් ලබාගෙන නැති බවත් පැහැදිලි කරමින් ඔහු මෙසේ කීවේය.
අලුතෙන් ණය ගත්තා. මුදල් අච්චු ගැහුවා කියලා. අලුත් ණයක් කිසිදු ආයතනයකින්, විදේශ වශයෙන් අපි ලබාගෙන නෑ. සාමාන්‍යයෙන් මහබැංකුවේ ක්‍රමවේදයක් තියනවා මහබැංකු බැඳුම්කර කල් ඉකුත් වෙනවිට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කරන එක. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ හැරෙන්න අලුත් ණය ගැනීමක් සිද්ධ වෙලා නෑ.
ඒ වගේම මුදල් අච්චු ගැහීම ගත්තොත් අලුතින් මුදල් අච්චු ගැහීමක් කරලා නෑ. කරන්න බෑ. මොකද ඒක ඉතාම පැහැදිලිව කියනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. එහෙම කරලා නෑ. එහෙම ගැහුවා නම් ඔබට දැකගන්න පුලුවන් අපේ මුදල් ඇමති තුමා තමයි වර්ථමාන ජනාධිපති තුමා. ඕනෑම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයාගේ අත්සන තියෙන්න ඕන.
ඉතින් අනුර දිසානායක අපේ මුදල් ඇමති තුමාගේ අත්සන සහිත නෝට්ටුවක් කොහෙවත් නිකුත් වෙලා නෑ. එහෙම නෝට්ටුවක් තියනවා නම් කියන්න. මොකද අපිත් ආසයි එතුමාගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න.
ව්‍යාජ ප්රවෘත්ති ප්‍රචාරය වෙනවා බිලියනක මුදල් අච්චු ගහලා තියනවා කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. අලුතින් මුදල් අච්චු ගැසීමක් හෝ ණය ගැනීමක් සිද්ධ වෙලා නෑ.
කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේය.







