අලුත් සේවක වැටුප් බදු ක්‍රමය අනුව ජනවාරි මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බදු ගෙවන සේවක පිරිස දෙසියයකට වැඩි බව ලංකාසරට වාර්තාවේ.
එම පිරිස අතර රියදුරන්ද සිටින අතර මසකට ලක්ෂ තුනකට වඩා වැටුප් ලබන රියදුරන්ද ඒ අතර සිටීම විශේෂ සිද්ධියකි.
අධි තාක්ෂණ අංශයට අයත් පුහුණුකරුවෝ එහි වැඩියෙන්ම මාසික වැටුප් ලබන්නෝ වෙති.
ඔවුන් ලක්ෂ හතරේ සිට පහළොව දක්වා වැටුප් ලබන්නවුන් ය.
එහි පළාත් පුහුණුකරුවන් හා අධි තාක්ෂණ අංශයේ පුහුණුකරුවන් පමණක් පනහකට ආසන්න සංඛ්‍යාවක් සිටිති..
මේ අතර ක්‍රිකට් නිලවරණයේදී ඡන්ද හිමි ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම්වල නිලධාරීන් රැසකට විවිධ තනතුරු නිර්මාණය කරමින් ලක්ෂයකට වැඩි වැටුප් ගෙවනු ලබයි.
ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව ස්වෙච්ඡා සේවයක් වෙනුවෙන් දිස්ත්‍රික් සංගම්වල නිලතල වලට පත් වන්නන්ට ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබා දිය නොහැක.