බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ආණ්ඩුවෙන් කෙරෙන දේ ගැන ජනපති රාජාසන කතාවේදී කියයි

by Lanka Sara Editor
අගෝස්තු 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නිදහසින් වසර 72 කට පසුවත් ජනතාවට ජනතාව බොහෝ සරල අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබී නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පැවසීය.

ජනතාව ලබා දී තිබෙන ජනවරම නිවැරදිව අර්ථකථනය කර ගනිමින් සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට කටයුතු කරන බවත්, කිසිදු විටෙක ජනතා අපේක්ෂා බිඳ නොදමන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද පස්වරු 3.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් අභිමානවත් හා චාම් අයුරින් මංගල සැසිය ඇරඹීම මෙවර විශේෂත්වයයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වූ ජනාධිපතිවරයා, මංගල සැසිය ආරම්භ කිරීමට සභාගර්භයට ඇතුළුවීමට පෙර ප්‍රධාන පියගැට පෙළ අභියස දී දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාදය පුද කළේ ය.

කතානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රමුඛ ලේකම් මණ්ඩලය, වේත්‍රධාරීන් පිරිවරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසි අතර පස්වරු 3.00 ට
පාර්ලිමේන්තුවේ මංගල සැසිය ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ හා‍ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය.

“ජනතා නියෝජිතයන් ලෙස බහුතර ජනතාවගේ අපේක්ෂාවට අපි හැමවිටම ගෞරව කරනවා. ජනතා පරමාධිපත්‍ය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි. අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාව අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබා ගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් වහන්සේලා ගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත් අපේ බෞද්ධ උරුමයන් රැක ගැනීමටත් මම විශේෂ කාර්ය සාධක කාර්ය සාධක බළකායක් හඳුන්වා දී තිබෙනවා හදුන්වාදී තිබෙනවා බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වන විට පැහැදිලි යි. පාරම්පරික උරුමයන් සංස්කෘතිය හා ආරක්ෂා කිරීමට මෙන්ම ග්‍රාමීය කර්මාන්ත ආරක්ෂා කිරීම රජයේ කිරීමට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඉන්පසුව අපි රජය භාරගන්නා විට රටේ ආරක්ෂාව පිළිබඳ ජනතාවට විශ්වාසය බිද වැටී තිබුනා. අපේ රටේ මූලික ප්‍රතිපත්ති වන රට රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්රතිව්යුහගත කරමින් ජනතාව තුළ ඇති වී තිබෙන බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්නට අපි කටයුතු කර තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් අපි යළි ලබා දී තිබෙනවා. මා පොරොන්දු වූ ආකාරයට සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් ව තිබුණු පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගෙන් ජනතාව ජනතා ගලවා ගැනීමට බුද්ධිමත් විධිමත් වැඩපිළිවෙළක් කිරීමත් ජනතා විශ්වාසය ගෙන යාමට හේතු වී තිබෙනවා. මේ නිසා ගුණගරුක විනයගරුක නීතිගරුක සමාජයක් රටේ ගොඩනැගෙමින් තිබෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් පිළිබඳව අප කටයුතු කරමින් සිටිනවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වූ පසු රාජ්‍ය ආයතනවලට පත්වීම් පත් කිරීම සඳහා එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් විද්වත් මණ්ඩලයක් හරහා සුදුසුකම් සොයා බලා පත්වීම් සිදු කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නා. ඥාතීන් හිතවතුන් මිත්‍රයන් අනුගාමිකයන් පත් නොකොට වෘත්තිකයන් ව්‍යවසායකයන් අධ්‍යාපනඥයින්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් අපි පත්කළා. ඒ ප්‍රතිපත්තිය අපි ඉදිරියටම ගෙන යනවා. ඒ වගේම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරනවා. වී ගොවියන්ට වී සඳහා ඉහළ මිලක් අපි ලබා දුන්නා. අපනයන බෝග ප්‍රති අපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වඩා වගා කළ හැකිව තිබූ බෝග ආනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වීම මඟින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අප කටයුතු කළා. ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දී රට පුරා නවතා දමා තිබූ වගා ඉඩම් යළි අස්වද්දන්නට ජනතාව උනන්දු කළා. මේ සියල්ල හරහා අපි මේ රටේ කෘෂිකර්මාන්තයට කෘෂි කර්මාන්තයට නව පණක් ලබා දුන්නා. අපි බලයට ආවට පසු දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන ලබා දීමට කටයුතු කළා. ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාතය අඩු කළා. දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා තරගකාරී ආනයනය සීමා කලා. මේ මැතිවරණයේ දී ජනතාව දැඩි උද්යෝගයකින් අපට සහාය ලබා දුන්නේ මේ ආකාරයට අපි සම්බන්ධයෙන් ඔවුන් තුළ ගොඩනැගී ඇති වි නැගී ඇති විශ්වාසය නිසා බව පැහැදිලි. අපේ විශ්වාසය තහවුරු වන ආකාරයට දිගටම ජනතාවට සේවය කරනවා. ජනතාව තුළ ජනතාව දුන් ජනවරම නිවැරදිව අර්ථකථනය කර ගැනීමත් මෙහිදී වැදගත් දෙයක්. මා කෙරෙහි අගමැති තුමා ඇතුළු අභිනවෙන් පත් වී සිටින ජනතා නියෝජිතයන් කෙරෙහි ජනතාවට තැබූ විශ්වාසයට අපි ගරු කරනවා. ජනතාව මේ සා විශාල ජන වරමක් අපට ලබා දුන්නේ කුමන අපේක්ෂාවන් පෙරදැරිකරගෙන දෙයක් ගැන ද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා.
මොනම හේතුවක් නිසාවත් ඒ අපේක්ෂාව බිඳ වැටෙන ආකාරයට අප කටයුතු කරන්නේ නැහැ. ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ගෙන් වගකීම ජනතාවට සේවය බව හැම විටම මතකයේ තබා ගත යුතුයි. මේ සියලු තනතුරු වරප්‍රසාද නොව වගකීම් බව මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට සංවේදී විය යුතු යි. මම මේ මැතිවරණයේ දී අප කණ්ඩායම නියෝජනය කළ සෑම අපේක්ෂකයෙකු සමගම රට පුරා සංචාරය කළ දේශපාලන රැස්වීම් පවත් වනවා වෙනුවට මේ සංචාරවලදී මම ජනතාව අතරට ගොස් ගොස් සෘජුවම ඔවුන්ගේ ගැටළුවලට සවන් දුන්නා. ජනතාව ඉදිරිපත්කල ඉල්ලීම්වලින් අති බහුතරය පෞද්ගලික අවශ්‍යතා නොව පොදු අවශ්‍යතා. නිදහසින් වසර 72 කට පසුවත් ජනතාවට ජනතාව බොහෝ සරල අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබී නැහැ. වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම් වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටිනවා. ඔවුන්ට අපි නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා.

නිසි කලට ඔප්පු ලැබුව ද තමන් පරම්පරා වශයෙන් ජීවත් වූ ඉඩම් වල ඔවුන් ඉවත් කරන්නේ නැහැ. අලි-මිනිස් ගැටුමට විසඳුම් ඉදිරිපත් කරන්න විශේෂඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා . විශ්වාස කළ නොහැකි තරම් ඉහල ජන ප්‍රතිශතයක් රටපුරා පානීය ජලය නොමැතිව දුක් විඳිනවා. අපි මේ මානුෂික ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නවා. ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ ඇති සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදීම සඳහා අපි විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. දෙමාපියන් ඉල්ලා සිටින්නේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට සුදුසු පාසල් ලබා දෙන ලෙසයි. ප්‍රමාණවත් තරම් ජාතික පාසල නැතිකම හැම පැත්තකම පෙනී ගියා. බොහෝ පාසල්වල විශාල අඩුපාඩුකම් තිබෙනවා. ගුරු හිඟය මෙන්ම මෙන් ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නොමැතිකම නිතර අසන්නට ලැබුණු කරුණක්. පලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හදාරන ලෙස අපි දරුවන්ට කීවත් ඒ සඳහා මූලික පහසුකම් වත් බොහෝ පාසල්වල නැහැ. මේ රටේ සෑම දරුවෙකුට ම තමා අපේක්ෂා කරන අනාගතය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබා ගැනීමටත් ඔවුන්ගේ නිපුණතා වර්ධනය උපකාර කිරීමටත් රජය දැන් දරන වියදම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. අලුතින් වගකීම් පවරා ඇති අමාත්‍යංශ හරහා අපි මේ ගැටළු විසඳනවා.

සමහර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර ලැබීම සඳහා බොහෝ දුරක් ගමන් කිරීමට සිදු වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේ පවතින භූ විෂමතාව මේ විෂමතාව ඉවත් කරනවා ආයුර්වේද හා දේශීය වෙදකම දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. විශාල විදේශ විනිමයක් වැය කොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මේ රට තුලදීම නිෂ්පාදනය කිරීමට අපි ආරම්භ කර තිබෙනවා. ඖෂධ ආනයනයේ දී සිදුවන සිදු වන අතිමහත් වූ දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයක් ඇති කළේ ඒ සඳහායි. මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් අදත් ජීවත් වන්නේ ස්වයං රැකියා කිරීමෙනුයි. බොහෝ දෙනෙක් කෘෂිකර්මාන්තයෙන්. මේ නිසා රට පුරා වැව් වාරිමාර්ග සංවර්ධනයට වැඩ පිළිවෙල දියත් කරනවා. රැකියා ප්‍රශ්නය තරුණ පරපුර මුහුණ දෙන බරපතළ ප්‍රශ්නයක්. මේ ගැටලුව විසඳීම සඳහා අපි කෙටිකාලීන හා විසදුම් රැසක් සාකච්ඡා කොට තිබෙනවා. අපි මේ වන විටත් රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මීට සමගාමීව උපාධිධාරීන් හැට දහසකට රැකියා ලබා දීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙනවා. රජයේ රැකියා ලබා දීමේදී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්න අපි කටයුතු කරනවා. රැකියා අවස්ථා ලබා දීමේදී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට ක්‍රියාත්මක කළ යුතුයි.

ව්‍යවස්ථා සංශෝධය සඳහා අප ඉල්ලු ජනවරම අපිට ජනතාව ලබාදී තිබෙන නිසා අපගේ පළමු කාර්යයක් ලෙස අප ජනතාවට පොරොන්දු වූ පරිදිම වූ දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය කිරීමට කටයුතු කරනවා . ඉන්පසු සියලු දෙනා එක්ව රටට අවශ්‍ය සහ ගැලපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සියලුම ජනතාව සම්බන්ධ වී එක රටක් එක නීතියක් යන සංකල්පයට මූලිකත්වය දෙනවා. පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදී බලපෑමට නිරන්තරයෙන් යටපත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේදී වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැක ගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයට සෘජු නියෝජනය තහවුරු වන ලෙස වෙනස්කම් කරන බව කිවයුතුයි. මාගේ රටට මම ආදරේ කරනවා. මගෙ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණ ගරුක බව පිරි සෞභාග්‍යමත් සමාජයක් ගොඩනැගීමයි.”

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 තෙක් කල් දැමීමෙන් අනතුරුව මංගල සැසියේදී කටයුතු අවසන් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේදී කථානායක සහ මන්ත්‍රීවරුන් දිවුරුවේ මොකක්ද?

Next Post

“වීඩියෝ ප්‍රකාශය දුන්නේ පක්ෂය කැඩෙන්න කලින්”

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.