ශ්‍රියානි විජේසිංහ –
වන අලි – මිනිස් ගැටුම නැවතීම සඳහා දිවයිනේ අලි මංකඩ 16 නිදහස් කර ගැනීම අවශ්‍ය වී ඇතැයි වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට අලි – මිනිස් ගැටුම අවම කිරීම වෙනුවෙන් දියත් වී ඇති අලි වැට ව්‍යාපෘති සඳහා යම් අවස්ථාවල දී බාධා එල්ල වී ඇති බවත් ගම්වැසියන්ගේ විරුද්ධත්වය හේතුවෙන් මේ වසරේ ඉදිකිරීමට නියමිතව තිබු විදුලි අලි වැට 26ක කටයුතු නතර කිරීමට සිදුව ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම විදුලි වැට ව්‍යාපෘති 26 යටතේ ආවරණය කෙරෙන සමස්ත දුර කිලෝමීටර් 315කි.
වන අලි- මිනිස් ගැටුම් උග්‍රව පවතින දිස්ත්‍රික්ක ලෙස හම්බන්තොට, රත්නපුර, ත්‍රිකුණාමලය, මොණරාගල, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව, හා කුරුණෑගල හදුනාගෙන ඇත.
මීට අමතරව 2022 වසරේ විදුලි වැට ව්‍යාපෘති 125ක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබු අතර ඉන් ආවරණය වන සමස්ත දිග ප්‍රමාණය කිලෝ මීටර් 1559.9කි. ඉන් කිලෝ මීටර් 121.5 ඇතුළත් ව්‍යාපෘති 07ක් මෙම වසරේ මුලුමනින්ම අවසන් කර තිබේ. තවත් 33ක් දැනටමත් ඉදි කෙරෙමින් පවතින අතර එහි දිග ප්‍රමාණය කිලෝමීටර් 263.06කි.
එමෙන්ම ප්‍රතිපාදන හා උපකරණ නොමැතිකම නිසා ව්‍යාපෘති 52ක් අතර මඟ නවතා දමා ඇති අතර ඒමනිසා කිලෝමීටර් 789ක් ආවරණය කිරීමට නොහැකි වී තිබේ.
වෙනත් හේතුන් නිසා විදුලි වැට 05ක් හා ඉදිරි කිරීම් අවලංගු කිරීම නිසා විදුලි වැට 02ක් ද ඉදි කිරීම නවත්වා දමා ඇති ඇති බව මෙහි දී අනාවරණය වී ඇත.