පසුගිය ජනවාරි මස 01 දා රාත්‍රියේ රාගම වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකගාරයට පැන එල්ල කළ මැර ප්‍රහාරයට හිටපු රාජ්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ කිසිදු සම්බන්ධයක් හෝ අනුදැනුමක් නැති බව ද ඔහු මේ සිද්ධියේ දී නිර්දෝෂී පුද්ගලයෙක් යැයි ද අදාල සිද්ධිය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටටුව අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දෙමින් දන්වා තිබේ.
නීතිය අපක්ෂපාතීව සිදුකිරීම සඳහා රාජ්‍ය ඇමතිවරයා ඉඩකඩ සලසා දී ඇතැයි ද කමිටුව දක්වා ඇක.
සියලු කරුණු සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍යවරයා නිර්දෝෂී පුද්ගලයෙක් බව කමිටුව පෙන්වා දෙයි. මෙම කමිටුවට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් යුතු මේ කමිටුවට කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ ඇතුළත් විය.