අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අර්බුදය තව දින දෙක තුනක් ඇදුණොත් රට ඉවරයි ! මහ බැංකු අධිපතිවරයාගෙන් බරපතල අනතුරු ඇඟවීමක් !

කෙටි කලක් තුළ දේශපාලනය සථාවර නොවුණොත් මමත් යනවා.... මෙහෙම කොහොම ද ආර්ථිකයක් දුවන්නේ....

by editor
මැයි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අද ඉන්නේ විධායක ජනපති පමණයි- අගමැති කෙනෙක්  මුදල් ඇමතිවරයෙක් නෑ.. මෙහෙම ආර්ථිකයක් දුවන්න බෑ….

  • මේ සියල්ල වෙනස් වුණේ සඳුදා සාමකාමී අරගල කරුවන්ට කළ ප්‍රහාරයෙන්…  එම ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා.

අගමැතිවරයෙක් නැති , මුදල් ඇමතිවරයෙක් නැති විධායක ජනාධිතිවරයා පමණක් සිටින මේ අස්ථාවර දේශපාලන තත්ත්වය තව දින දෙක තුනක් පැවතුණහොත් රට ඉතා දරුණු මට්ටමකට පත් වනු ඇති  එබැවින් මේ මොහොතේ රටේ දේශපාලන ස්ථාවරත්වයක් හැකි ඉක්මනින් ඇති කිරීම ජනාධිපතිවරයාගේත් 225ක් වන සියලු මහජන නියෝජිතයන්ගේත් බරපතල වගකීමක් බවත් මහ බැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කරයි.

ඒ සඳහා ඔවුන් කඩිනම් පියවර ගෙන කටයුතු නොකළහොත් තමන්ටද ධුරයෙන් ඉල්ලා අස්විමට සිදුවන බවට ද මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවයි.

මාධ්‍ය අමතමින් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මේ අස්ථාරත්වය  දිගටම පැවතුණහොත් යළිත් පැය ගණනාවක් විදුලිය කැපීම, දැනට යාන්තමින් හෝ පවතින  පෙට්‍රල් ඩීසල් හිඟ  වීම ගෑස් නොමැති වීම වැනි අර්බුද අතිශය  උග්‍ර වනු ඇති බවය.

ශ්‍රි ලංකා මහ බැංකුවේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙසේ පැවසුවේය.

“  පසුගිය කෙටි කාලය තුළ රට මුහුණ දී තිබෙන දැවන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස අප යම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණා. එයින් යම් යම් ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටියදීයි, අවාසනාවන්ත ලෙස පසුගිය සඳුදා සිට මෙම තත්ත්වය වෙනස් වුණේ. සාමකාමී අරගලයක යෙදී සිටි පිරිසකට නීති විරෝධි ලෙස අමානුෂික ප්‍රහාරයක් එල්ල කළා. එය අප හෙළා දකිනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ සිදුවීමත් සමඟ රටේ අවාසනාවන්ත සිදුවීම් පෙළක් සිදුවුණා. ඒ වගේම රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා.  රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත් කරන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි දේශපාලන ස්ථාවරත්වය. රටේ නීතිය සාමය නිසි ලෙස  ක්‍රියාත්මක නොවන  තත්ත්වයක් තුළ රටේ යම් ආකාරයට ප්‍රචණ්ඩත්වය සිදුවෙමින් පවතිනවා. මේ ප්‍රචණ්ඩත්වය අවසන් විය යුතුයි. රටේ නීතිය සහ සාමය නිසි ලෙස ආරක්ෂා විය යුතුයි

අනෙක්  කාරණය දේශපාලන ස්ථාරත්වය. රටේ ආර්ථිකය ගොඩ නැගීමට නම් ස්ථාවර දේශපාලන තත්ත්වයක් රටේ පවතින්නම අවශ්‍යයයි. අපි වැඩ කටයුතු  ආරම්භ කළා පමණයි.  මුල සිට අප දේශපාලන ස්ථාවරත්වයක් බලාපොරොත්තු වුණා.  විශේෂයෙන්  අපේ අලුත් කණ්ඩායම මුදල් අමාත්‍යවරයා  නව මුදල් අමාත්‍යංශ ලේකම්  ඇතුළු කණ්ඩායම විශාල වැඩකොටසක් කරගෙන ගියා.

නමුත් දැන් අපට පත්වෙලා තිනේනේ අගමැතිවරයෙක්  මුදල් ඇමතිවරයෙක් නැති විධායක ජනාධිපති පමණක් සිටින අකර්මන්‍ය  තත්ත්වක්. ඇත්ත වශයෙන්ම රටේ  ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ආයතනයක් හැටියම අපට සිදුවවෙනවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් කඩිනමින් ඇති කරන්න කියල.

රටේ ජනතාව වශයෙන් තෝරාපත් කරගත් විධායක ජනාධිතිවරයෙක් ඉන්නවා. ඒඅයගේ ප්‍රධානතම වගකීම හැකි ඉක්මනින් යම් ආකාරයකට ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක් ඇති කිරීම.

රටේ දැන් පවතින තත්ත්වය සමනය කළ හැකි නීතිය සහ සාමය පවත්වාගෙන යා හැකි රජයක පැවත්ම අත්‍යවශ්‍යයි. ඒ කාරණයේදී  සම්පූර්ණ වගකීම නියෝජිතයන් 225 සහ ජනාධිපතිතුමා අතර යම් ව්‍යවස්ථානුකූල ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට හැකි ඉක්මනින් යම් සථාවරත්වයක්ට පත් කළ යුතුයි.  එය නොහැකි වුණොත් මේ කියන තත්ත්වය මීටත් වඩා අනිවාර්යනේම අරාජික තත්ත්වයට පත්වෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මා ඉල්ලා අස්වෙන්නෙ නෑ… ඔබේ ස්ථාවරය වෙනස් කරගෙන සුදුස්සක් කරන්න …. ජනපති විපක්ෂ නායකට දන්වයි!

Next Post

ආරක්ෂක ලේකම් ඇතුළු අමාත්‍යාංශය ලේකවරුන් තිදෙනෙක් පත්කරයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.