අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගල කරුවන්ට පහර දීලා තියෙන්නෙ  කටගොන්නක්  බීමත් හමුදා පුද්ගලයින් පිරිසක්…  නීතිඥ උපුල් කුමරප්පෙරුම

by editor
ජූලි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද (22) අළුයම  අරගලකරුවන්ට  පහරදීමට පැමිණි හමුදා නිලධාරීන් අධික බීමත්කමින් සිටි බව වාර්තා වන්නේ යැයි   නිතීතිඥ නීතිඥ, උපුල් කුමරප්පෙරුම පැවසුවේය.

ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් විසින් බත්තරමුල්ලේ දී  සංවිධානය කළ පුවත් පත් සාකච්ඡාවක දී මාධ්‍ය අමතා ඔහු ප්‍රකාශ කළේ මේ බීමත් හමුදා පුද්ගලයින් සම්බන්ධව පහරකෑමට ලක් වූ නීතිඥයින් මෙන්ම පහර කෑ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කරුණු දක්වා ඇතැයි ඔහු කීවේය.

නීතිඥ උපුල් කුමරප්පේලි

මාධ්‍ය හමුව අමතා ඔහු ප්‍රකාශ කළේ ණය සහන ලබා ගෙන රට ගොඩ දැමීමට පැමිණි රජයක් මෙවැනි අනීතික ම්ලේච්ඡ ප්‍රහාර ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර අපේක්ෂා කරන ණය සහන ඉල්ලන්නේ කවරෙකුගෙන් ද යන්නය.

ඔහු මෙසේ ද පැවසුවේය.

එක්සත් රාජධානියත්, එක්සත් ජනපදයත්, කැනඩාවත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා. අපි ණය ගනුදෙනු කථාකරන්න ඕනෑ ඔය රටවල්වල නියෝජිතයෝ එක්ක. එහෙම තිබෙද්දී රටේ මුදල් ඇමති, විදේශ ඇමති හෝ මහ බැංකු අධිපතිට ලෝකය හමුවේ අපේ රටේ මානව අයිතිවාසිකම් ගැන, නීතියේ පාලනය ගැන, කියන්න පුළුවන්ද?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අරගල භූමිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙනවා. විදේශ තානාපතිවරුන් මේ සාමකාමී අරගලය ආරක්ෂා කරන ලෙස හිටපු ජනාධිපතිවරයාටත් මේ ජනාධිපතිවරයාටත් හිටපු කැබිනට් මණ්ඩලයටත් දන්වා තිබුණා.

ඒ සියල්ල තිබියදී පහර කෑමට ලක්වුණු වින්දිතයන් වෙනුවෙන් ක්‍රියාකළ නීතිඥයන් වගේම පහර කෑමට ලක්වුණු නීතිඥයන් කරුණු දක්වමින්, ප්‍රහාරක හමුදා අධික බීමත්කමින් සිටි බව වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරකයන් උදලු මිටිවලට සමාන පොලුවලින් පහර දුන් බව ප්‍රකාශ කර තිබෙනවා. මැයි 09වැනිදා ප්‍රහාරයට ලක්වුණු අනුරංග නමැති අරගලකරුවාටත් ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ නීතිඥ නුවන් බෝපගේ ඔහුව බේරන්න මැදිහත් වී තිබෙනවා. නුවන් බෝපගේට පහර දී තිබෙන්නේ ඒ අවස්ථාවේදී.

පහර කෑ තරුණයෙක්…

කාන්තාවකටත් අමානුෂික අයුරින් පහර දී ඇති ආකාරය ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට පහර දෙන්න හමුදාවට බලයක් දී තිබෙන්නේ කොහෙන්ද?

රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ 1988-1989යේ මර්දනය මම පුද්ගලිකව දැක තිබෙනවා. කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පරිණත වුණු, නීතියත් එක්ක කටයුතු කරන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන කෙනෙක් හැටියට මිථ්‍යාවක් ඇති වුණා. මිනිස්සු ඒ මිථ්‍යාව විශ්වාස කළා. ජනාධිපති ධුරයේ දිවුරුම් දී පැය 24ක් යන්නත් කලින් ඉවත් වීමට සිටි අරගලකරුවන්ට ගහන්න හේතුව මොකක්ද? හමුදාව යවන්නේ මොන කාරණයකටද?

හමුදාපතිවරුන් සහ ආරක්ෂක ලේකම්වරයා හමුවන්න ජනාධිපති ඊයේ සවස ගිය බවට ප්‍රවෘත්ති තිබෙනවා. රාජ්‍ය නායකයා “මේක ගහලා ඉවර කරන්න.” කියලා තිබෙනවාද? නිරායුධ මිනිසුන්ට ප්‍රහාර එල්ල කරන්න අණ දෙන්න රාජ්‍ය නායකයාට පුළුවන්ද? හමුදාවක් කියන්නේ විනයක් සහිතව විධායකයේ කොටසක් ලෙස පාලනය වෙන ආයතනයක්. රටේ මිනිසුන්ට පොලු කෑලිවලින් ගහන්න, තුවක්කුවලින් හෝ වෙන දේකින් ගහන්න, ඒ මිනිසුන්ගේ දේපළ විනාශ කරන්න හමුදාවට හැකියාවක් නැහැ.

හමුදාපතිවරුන් තිදෙනා සහ පොලිස්පතිවරයා ඊයේ එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, එහි ම්ලේච්ඡභාවය සම්බන්ධයෙන්, අතුරුදහන් වූ දේපළ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය යුතුයි.

අරගල භූමිය යම් අවස්ථාවකදී මේ රටේ සංස්කෘතික භූමියක් බවට පත්වුණා. එතැන කැමරා තිබුණා. චිත්‍රපට ශාලා තිබුණා. කලාගාරයක් තිබුණා. පුස්තකාලයක් තිබුණා. ප්‍රොජෙක්ටර්, කම්පියුටර්, වීඩියෝ කැමරා, ඔවුන්ගේ දුරකථන ආදී සියල්ල අරගෙන ගිහින්. අපරාධයක් සම්බන්ධයෙන් නම්, නඩු භාණ්ඩ වශයෙන් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් තිබෙනවා. මේ බඩු ගෙනගියේ මොන නීතියෙන්ද? නඩු භාණ්ඩයක් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමයක් තිබෙනවා. මෙතනදි මංකොල්ල කෑමක් තිබෙන්නේ.

ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට පහර දුන්නේ කුමන කාරණයක් මතද, දේපළ විනාශ කළේ කුමන කාරණයක් මතද? අත්අඩංගුවට ගත්තේ කුමන කාරණයක් මතද, බඩු භාණ්ඩ ගෙනගියේ කුමන කාරණයක් යටතේද? කියලා පැහැදිලි කිරීමේ වගකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ යුතුයි.

මේ වන විට ජනාධිපතිටත් මේ වගකීම පැවරී තිබෙනවා. වහාම ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස්  පහරදීමට එරෙහි පරීක්ෂණයක් සඳහා බල කරන්න – කාදිනල් හිමියෝ ජාත්‍යන්තරයෙන් ඉල්ලති!

Next Post

පලවා හැරියේ අත්අඩංගුවට ගත්තේ අතිශයින්ම නීත්‍යානුකූලවයි… පොලිසිය නිවේදනය කරයි.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.