බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිතිකාරයෙක් නැති කෝටියක කුඩු පාර්සලයක් අහුංගල්ල වෙරළට ගොඩ ගහලා…

by editor
සැප්තැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

අහුන්ගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසා තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් පාර්සලයක් ඊයේ (24) අහුන්ගල්ල පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙම හෙරොයින් පාර්සලය, අද (25) බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ   වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

හෙරොයින් පාර්සලය සම්බන්ධයෙන් අයිතිකරුවෙක් නොමැති බවත් අයිතිකරුවෙක් සොයා ගැනීම සඳහා මෙන්ම හෙරොයින් පාර්සලයට අදාල තොරතුරු සොයා ගැනීම සඳහා තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් අහුන්ගල්ල පොලීසිය පවසයි.

අහුන්ගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ මසුන් අල්ලමින් සිටි තරුණයින් දෙදෙනකුට මෙම පාර්සලය හමු වී තිබෙන බවත් ඔහුන්ගේ දැනුම් දීමට අනුව අහුන්ගල්ල පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී පාර්සලයේ ඇත්තේ හෙරොයින් බවට හඳුනාගත් බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

පොලීසිය පැමිණෙන විට පාර්සලයේ උඩ කවරය ගලවා තිබූ බවත් යටින් ඇති කවර ඉතා සුරක්ෂිතව තිබූ බැවින් පාර්සලය ඇතුළට ජලය කාන්දු වී නොතිබූ බවත් අහුන්ගල්ල පොලීසිය කීවේය

කිලෝග්‍රෑම් 01 කට අධික බරින් යුත් මෙම හෙරොයින් පාර්සලය රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුක්ත බව අහුන්ගල්ල පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාසර ට ප්‍රකාශ කළේය.

පොලීසියට හමුවන විට හෙරොයින් පාර්සලයේ තිබූ හෙරොයින් ගල් ගැසී තිබූ බවත් ඒ නිසාම මෙම හෙරොයින් මීට මාස 03 කට පමණ පෙර පාර්සල් කරන්නට ඇතැයි සිතිය හැකි බවත් පොලීසිය කියයි. ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම් කරුවන් විසින් කරන ලද හෙරොයින් ජාවාරමේදී කුමන හෝ හේතුවක් නිසා මෙම පාර්සලය මුහුදට විසි කරන්නට ඇතැයි සිතිය හැකි බවත් එයින් පසුව මුහුදේ පාවී පැමිණ අහුන්ගල්ල, එගොඩමුල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට ගොඩගසන්නට ඇතැයි, සිතිය හැකි බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් ජයතිලකගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share69Tweet43
Previous Post

නුවර කඩාවැටුණු නිවසේ මුල් අවසරය ඇත්තේ මහල් තුනකට පමණයි

Next Post

ගිලා බැස්ස ලෙව්කේ ගෙදර ආයතන ගණනකට තරු පෙන්වන ලකුණු

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.